කොරෝනා මරණ භූමදාන ස්ථාන තෝරන්න, පළාත් ප්‍රධානීන්ගෙන් කරුණු විමසයි (වීඩියෝ)

Monday, 08 March 2021 - 19:43

%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB+%E0%B6%B7%E0%B7%96%E0%B6%B8%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1+%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1+%E0%B6%AD%E0%B7%9D%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%2C+%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B7%80%E0%B7%92%E0%B6%B8%E0%B7%83%E0%B6%BA%E0%B7%92+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
කොරෝනා ආසාදිතව මිය යන පුද්ගලයින්ගේ මෘත දේහ භූමදානය සඳහා ප්‍රාදේශීයව ස්ථාන හඳුනා ගැනීමට පළාත් බලධාරීන්ට දැනුම්දීමක් සිදුකර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන ප්‍රකාශ කළා.

සියළුම පළාත් ප්‍රධාන ලේකම්වරුන්, දිස්ත්‍රික් ලේකම්වරුන්  සහ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්ට ඒ සඳහා වන නිර්ණායක ද ඉදිරිපත් කර ඇති බවයි ඔහු කියා සිටියේ. කොළඹ අද පැවති උත්සවයකට එක්වෙමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව ප්‍රකාශ කළා.

මේ අතර, මඩකලපුව - ඕට්ටමාවඩි ප්‍රදේශයේදී අද දිනයේදීත් කොරෝනා මරණ 7ක් මිහිදන් කර තිබෙනවා. ඒ අනුව  එහි මිහිදන් කළ කොරෝනා ආසාදිත මෘත දේහ සංඛ්‍යාව 31ක්.

එමෙන්ම, වයස අවුරුදු 30ට වැඩි සියළු පුද්ගලයින්ට කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත ලබාදීම රජයේ අපේක්ෂාව බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන සඳහන් කළා.

කොවැක්ස් පහසුකම යටතේ ඊයේ මෙරටට ලැබුණු දෙලක්ෂ 64,000ක් වන ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත් මාත්‍රා කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින්ට ලබාදීම අද ආරම්භ කෙරුණා.

මේ අතර, සීරම් ආයතනයෙන් මෙරටට ලබාදීමට නියමිත දෙවන එන්නත් තොගය ගෙන්වීම ප්‍රමාද වන බවට එම ආයතනය රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට කළ දැනුම්දීමත් සමඟ දෙවන මාත්‍රාව ලබාදීම සම්බන්ධයෙන් ගැටළු මතුවිය හැකි බවට මේ වන විට විවිධ මත පළ වනවා.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories