මෙරට 21,919,000 වූ සමස්ථ ජනගහනයෙන් 11,306,000 ම කාන්තාවන් (වීඩියෝ)

Monday, 08 March 2021 - 22:20

%E0%B6%B8%E0%B7%99%E0%B6%BB%E0%B6%A7+21%2C919%2C000+%E0%B7%80%E0%B7%96+%E0%B7%83%E0%B6%B8%E0%B7%83%E0%B7%8A%E0%B6%AE+%E0%B6%A2%E0%B6%B1%E0%B6%9C%E0%B7%84%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+11%2C306%2C000+%E0%B6%B8+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
2020 වසර වන විට මෙරට 21,919,000 වූ සමස්ථ ජනගහනයෙන් 11,306,000 ම කාන්තාවන්.

එය මෙරට සමස්ථ ජනගහණයෙන් 51.58%ක්.

2019 මහ බැංකු වාර්ෂික දත්ත වාර්තාවට අනුව ස්ත්‍රී ශ්‍රම බලකාය 3.9% කින් ඉහළගිය අතර එය ශ්‍රම බලකායේ සමස්ත ඉහළයාමෙන් 56%ක් වුණා.

එමෙන්ම 2019 වසර තුළ පුරුෂ ශ්‍රම බලකාය ඉහළගොස් තිබුණේ 1.6%ක් වැනි පහළ අගයකින්.

සංඛ්‍යා ලේඛන අනුව ශ්‍රී ලාංකික ස්ත්‍රීන්ගේ අධ්‍යාපන මට්ටම් පුරුෂයින්ට වඩා ඉහළ මට්ටමක පැවතුනද විද්‍යාව, තාක්ෂණය, ඉංජිනේරු විද්‍යාව සහ ගණිතය ආශ්‍රිත අධ්‍යාපනය සඳහා ඔවුන්ගේ සහභාගීත්වය සෑහීමකට පත්විය නොහැකි මට්ටමක පවතින බවයි 2019 මහ බැංකු වාර්ෂික වාර්තාව පෙන්වා දෙන්නේ.

මෙරට කාන්තාවන් විදේශ රැකියා, තේ සහ ඇගළුම් කර්මාන්තවල නිරත වෙමින් රටේ සංවර්ධනයට දක්වන්නේ සුවිශේෂි දායකත්වයක්.

රුවින් පමනක් නොව දැනුම,හැකියාව, කෞෂල්‍යයෙන් ලෝකය ජය ගැනිමට ලාංකේය කාන්තාව මේ වන විටත් සමත් වි තිබෙනවා.

එපමනක් නොව පවුල තුල කුසගිනි නිවනු වස් ඇය ඉසිඹුවක් නොබලාම පිරිමි හා උරෙන් උර ගැටෙනවා.

විටෙක තෙරක් නොපෙනෙන අහස් කුසද ජය ගන්නා ඇය, තවත් විටෙක ජීවිත අවධානමද නොතකමින් තම පවුල රැකීම වෙනුවෙන් ඉදිරිපත් වන්නීය.

මේ ගෙවෙන්නේ 21 වන සියවස වුවද අද වනවිට කාන්තාව මුහුණ දෙන ගැටළු පිලිබදව , කාන්තාව ඇතැම් අවස්ථාවල මුහුණ පාන අනාරක්ෂිතභාවය
සම්බන්ධයෙන් ලාංකේය සමාජය විධිමත් අවධානයක් යොමු කර ඇත්දැයි අප අපගෙන්ම විමසා බැලිය යුතු නොවේද..?


මේ අතර, ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසන්නේ හැම විටම මුදලින් ගණනය
කළ නොකලද ජාතික නිශ්පාදනයට කාන්තාවගෙන් ලැබෙන දායකත්වය නිසැකවම ඉතා ඉහළ අගයක් ගන්නා බවයි.

එමෙන්ම ස්ත්‍රියකගේ අභිමානය , ගෞරවය සහ සතුට ආරක්ෂා කරමින් පෝෂණය කිරීම සමාජ වගකීමක් බව ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිකුත් කළ නිවේදනය මගින් පෙන්වා දෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories