ජපානයේ කොරෝනා නීති තවත් දැඩිකරන බව අගමැති කියයි

Sunday, 04 April 2021 - 17:04

%E0%B6%A2%E0%B6%B4%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AF%E0%B7%90%E0%B6%A9%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1+%E0%B6%B6%E0%B7%80+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
නව කොරෝනා රැල්ලක් ඇතිවීම වැළැක්වීම සඳහා දැනට පවතින කොරෝනා නීතිරීති තවදුරටත් දැඩි කරන බව ජපාන අග්‍රාමාත්‍ය යොෂිහිඩේ සුගා ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ ජපාන රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින්.

ලබන සඳුදා සිට ඔසාකා ඇතුලු නගර කිහිපයක් වසා දැමීමට නියමිතයි.

එළඹෙන ජූලි මස 23 වනදා සිට අගෝස්තු 8 වනදා දක්වා ටෝකියෝ හිදී ඔලිම්පික් තරගාවලිය පැවැත්වීමට නියමිත අතර, මේ දක්වා ටෝකියෝ වැසියන්ට කොරෝනා එන්නත් ලබාදීමට කටයුතු කර නැහැ.

අද දිනයේත් ටෝකියෝ නගරයෙන් නව ආසාදිතයන් 355 දෙනෙකු හඳුනාගෙන ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.