ජෝර්දානයේ හිටපු ඔටුන්න හිමි කුමරු නිවාස අඩස්සියට

Sunday, 04 April 2021 - 20:03

%E0%B6%A2%E0%B7%9D%E0%B6%BB%E0%B7%8A%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%94%E0%B6%A7%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92+%E0%B6%9A%E0%B7%94%E0%B6%B8%E0%B6%BB%E0%B7%94+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B7%83+%E0%B6%85%E0%B6%A9%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%A7
ජෝර්දානයේ හිටපු ඔටුන්න හිමි කුමරු හම්සා බින් හුසේන් නිවාස අඩස්සියට ගෙන ඇති බව විදෙස් වාර්තා ප්‍රකාශ කළා.

ඒ, ආණ්ඩුවේ නායකයින්ට දූෂණ චෝදනා එල්ල කර කුමන්ත්‍රණය කිරීමේ චෝදනාව යටතේයි.

කෙසේ වෙතත් සමාජ මාධ්‍යයට වීඩියෝ පටයක් මුදාහරිමින් හම්සා බින් කුමරු කියා සිටියේ තමන් නිවාස අඩස්සියේ පසුවන අතර, තම මිතුරන් රැසක්ද අත්අඩංගුවට ගෙන ඇති බවයි.

එමෙන්ම තමාගේ ආරක්ෂාව ඉවත් කර ඇති අතර, අන්තර්ජාල සහ දුරකථන මාර්ග අවහිර කර ඇති බවයි ඔහු තවදුරටත් කියා සිටියේ.