චීනය විශ්‍රාම යන වයස වැඩි කිරීමට සැරසෙයි

Monday, 05 April 2021 - 15:23

%E0%B6%A0%E0%B7%93%E0%B6%B1%E0%B6%BA+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B8+%E0%B6%BA%E0%B6%B1+%E0%B7%80%E0%B6%BA%E0%B7%83+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7++%E0%B7%83%E0%B7%90%E0%B6%BB%E0%B7%83%E0%B7%99%E0%B6%BA%E0%B7%92
විශ්‍රාම යන වයස් සීමාව ඉහළ නැංවීම කෙරෙහි චීන රජයේ අවධානය යොමුව තිබෙනවා.

දැනට එරට විශ්‍රාම යන වයස් සීමාව පිරිමි පුද්ගලයන්ගේ අවුරුදු 60 ලෙස සහ කාන්තාවන්ගේ 55 ලෙසයි දැක්වෙන්නේ.

එය 1949 වසරේ සිට ක්‍රියාත්මක වන්නක් වන අතර, මේ වනවිට චීනයේ ආයු අපේක්ෂාව අවුරුදු 80 ක් බව එරට වාර්තා පෙන්වා දෙනවා.

ඒ හේතුවෙන් එරට වයස්ගත ජනගහණය ඉහළ ගොස් ඇති අතර, ඔවුන්ට තවදුරටත් ආර්ථික කටයුතු සඳහා දායකවීමේ හැකියාව පවතින බව චීන රජයේ අදහසයි. කෙසේ වෙතත් රජයේ මෙම සැළසුමට චීනයේ තරුණ හා වයස්ගත ප්‍රජාව දැඩි ලෙස විරෝධය පළ කර තිබෙනවා.