ජපානයේ 4 වන කොරෝනා රැල්ලක්

Monday, 05 April 2021 - 17:11

%E0%B6%A2%E0%B6%B4%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+4+%E0%B7%80%E0%B6%B1+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%BB%E0%B7%90%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A
නව විකෘති ප්‍රභේද ජපානයේ 4 වන කොරෝනා රැල්ලකට හේතු වනු ඇති බවට එරට සෞඛ්‍ය බලධාරීන් අනතුරු අගවනවා.

ටෝකියෝ ඔලිම්පික් උළෙලට දින 109ක් පමණක් තිබියදීයි මෙලෙස එරට නව කොරෝනා රැල්ලක් ඇතිවීමේ අවදානම හටගෙන ඇත්තේ.

සීග්‍රයෙන් ව්‍යාප්ත වන, එන්නත්වලට අවම ප්‍රතිචාර දක්වන මෙම විකෘති කොරෝනා ප්‍රභේද ජපානයේ ප්‍රදේශ රැසකින් වාර්තා වනවා.

විශේෂයෙන් ඔසාකා නුවර කේන්ද්‍ර කොටගෙන මෙම නව රැල්ල ඇරඹෙමින් පවතින බව සඳහන්.

ටෝකියෝ නුවරින් අද දිනයේ පමණක් නව ආසාදිතයන් 241 දෙනෙකු සොයා ගත් අතර, ඔසාකා නුවරින් 341 දෙනෙකු වාර්තා වුණා.

ජපානයෙන් පසුගිය සතියේදී බි්‍රතාන්‍ය, දකුණු අප්‍රිකානු සහ බ්‍රසීල කොරෝනා විකෘති ප්‍රභේද 678ක් වාර්තා වී තිබෙනවා.