කොළඹ දිස්ත්‍රික්කයෙන් පමණක් කොරෝනා ආසාදිතයින් 30,000ක්

Tuesday, 06 April 2021 - 8:47

%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B6%B8%E0%B6%AB%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+30%2C000%E0%B6%9A%E0%B7%8A
කොළඹ දිස්ත්‍රික්කයෙන් පමණක් කොරෝනා ආසාදිතයින් 30,000කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී තිබෙනවා.

වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ එම සංඛ්‍යාව 29,990ක් බවයි.

මීට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 18,469ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් 6719 දෙනෙකු වාර්තා වී තිබෙනවා.

කෙසේ වෙතත්, මෙරට කොරෝනා රෝගීන් වාර්තාවීම සියයට 18කින් පමණ අඩුවී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ නවතම වාර්තා වල දැක්වෙන බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසනවා.

එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර කොළඹ පැවති පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මේ බව සඳහන් කළා.

මේ අතර, ඉන්දියාව ඔස්ක්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත අපනයනය අත්හිටුවීමත් සමග මෙරට ජනතාවට එහි 2 වන මාත්‍රාව ලබාදීමේ අවිනිශ්චිත නම් වෙනත් රටකින් එම එන්නත ලබා ගැනීමට අවධානය යොමු කල යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

මේ අතර මෙරටින් තවත් කොරෝනා මරණ 5ක් වාර්තා වීමත් සමඟ සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 586 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ මෙම මරණ 5ම ඊයේ සහ පෙරේදා සිදුව ඇති බවයි.

බත්තරමුල්ල, කොළඹ 10, යාපනය යන ප්‍රදේශවලින් මෙම මරණ වාර්තා වී තිබෙනවා.

එමෙන්ම, ඊයේ දිනයේදීත් මෙරටින් තවත් කොරෝනා ආසාදිතයින් 159 දෙනෙකු වාර්තා වුණා.

ඒ අනුව සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 93,595. ක්.

ඊට අමතරව ඊයේ දිනයේදී කොරෝනා ආසාදනය වී සිටි පුද්ගලයින් 355 දෙනෙකු සුවය ලබා පිටව ගියා.