ඉන්දියාවේ ප්‍රාන්ත 4ක අද මැතිවරණ

Tuesday, 06 April 2021 - 10:01

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+4%E0%B6%9A+%E0%B6%85%E0%B6%AF+%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB
දකුණු ඉන්දියාවේ තමිල්නාඩු සහ කේරළ ප්‍රාන්තවල මෙන්ම පුදුචෙරි විශේෂිත ප්‍රදේශයේ මැතිවරණ අද පැවැත්වෙනවා.

ඊට අමතරව ඊසානදිග ඉන්දියාවේ බටහිර බෙංගාල සහ ඇසැම් ප්‍රාන්තවල මැතිවරණ ද අද පැවැත්වීමට නියමිතයි.

එමෙන්ම, තමිල්නාඩුවේ කන්‍යාකුමාරි සහ කේරළයේ මල්ලප්පුරම් ලෝක් සභා ආසන සඳහා අද මැතිවරණ පැවැත්වෙනවා.

කේරළයේ දෙකෝටි 74 ලක්ෂයක් ඡන්දදායකයන්, අපේක්ෂකයන් 957 දෙනෙකු අතරින් ආසන 140කින් යුත් ප්‍රාන්ත සභාව සඳහා නියෝජිතයන් තෝරා ගැනීමට නියමිතයි.

අසල්වැසි තමිල්නාඩුවේ අද පැවැත්වෙන ප්‍රාන්ත මැතිවරණයේදී ඒ.අයි.ඒ.ඩී.එම්.කේ. -  භාරතීය ජනතා පක්ෂ සන්ධානයට එරෙහිව ඩී.එම්.කේ. සහ කොංග්‍රස් සන්ධානය ප්‍රබල සටනක නිරත වනු ඇති.

එමෙන්ම, සිනමා නළු කමල් හාසන්ගේ මක්කල් නීදි මයියම් සහ ටී.ටී.වී. දිනකරන්ගේ අම්මා මක්කල් මුන්නේත්‍ර පක්ෂය ප්‍රාන්තයේ ආසන 234 සඳහා තරඟ වැදීමට නියමිතයි.

ඒ.අයි.ඒ.ඩී.එම්.කේ. පක්ෂයේ ජයලලිතා ජයරාම් සහ ඩී.එම්.කේ නායක මුත්තුවෙල් කරුණානිධිගේ අභාවයෙන් පසු පැවැත්වෙන ප්‍රථම තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණය ද මෙයයි.