පුටින්, දිවි ඇති තෙක් රුසියානු ජනපති වන ලකුණු

Tuesday, 06 April 2021 - 10:05

%E0%B6%B4%E0%B7%94%E0%B6%A7%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%2C+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%92+%E0%B6%87%E0%B6%AD%E0%B7%92+%E0%B6%AD%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BB%E0%B7%94%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B7%80%E0%B6%B1+%E0%B6%BD%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94
අඛණ්ඩව දශක දෙකකට වැඩි කාලයක් රුසියාවේ ජනාධිපති ධුරය දරන ව්ලැදිමීර් පුටින් තවත් සයවස් වාර දෙකක් ජනාධිපති ධුරය දැරීම සඳහා වන නීති කෙටුම්පතකට ඊයේ අත්සන් තැබුවා.

ඒ අනුව දැනට 68 වන වියේ පසුවන ජනපති පුටින්ට වසර 2036 වන තෙක් බලයේ රැදී සිටීමට අවස්ථාව හිමි වනු ඇති.

ඔහුගේ වත්මන් ධුර කාලය නිමවීමට නියමිතව ඇත්තේ 2024 වසරේදියි.

2000 වසරේදී ප්‍රථම වරට රුසියාවේ ජනාධිපති ධුරයට පත්වූ ව්ලැදිමීර් පුටින් සිව් වසරක ධුර කාලයන් දෙකක් දැරීමෙන් අනතුරුව ඔහුගේ සගයා වන දිමිත්‍රි මෙද්වදෙව්ට නායකත්වය පැවරුවා.

ඔහු පුටින්ට නැවතත් ජනාධිපති ධුරයට පත්වීමට හැකි වන පරිදි එරට ව්‍යවස්ථා සංශෝධන සිදුකළේ ජනාධිපති ධුර කාලය වසර 6ක් දක්වා දීර්ඝ කරමින්.

ඒ අනුව 2012 වසරේදී නැවතත් ක්‍රෙම්ලින් මන්දිරයට පිවිසි ජනපති පුටින් 2018 වසරේ දී නැවතත් රුසියානු ජනාධිපතිවරයා ලෙස තේරී පත්වුණා.