තමිල්නාඩුව වෙනුවෙන් ස්ටාලින් - පලනිස්වාමි ද්වන්ද සටනක

Tuesday, 06 April 2021 - 13:01

%E0%B6%AD%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B6%A9%E0%B7%94%E0%B7%80+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8F%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+-+%E0%B6%B4%E0%B6%BD%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%8F%E0%B6%B8%E0%B7%92+%E0%B6%AF%E0%B7%8A%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B7%83%E0%B6%A7%E0%B6%B1%E0%B6%9A
ජයලලිතා ජයරාම්ගේ අභාවයෙන් මහ ඇමති ධූරයට පත් එඩප්පඩි පලනිස්වාමි ගේ කිරුළට අභියෝග කරමින් හිටපු ඩී.එම්.කේ පක්ෂ නායක මුත්තුවේල් කරුණානිධිගේ පුත් එම්.කේ ස්ටාලින් අද පැවැත්වෙන තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේදී දැඩි සටනක නිරත වනු ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.

ආසන 234කින් යුත් තමිල්නාඩු ප්‍රාන්ත සභාවට පලනිස්වාමිගේ ඒ.අයි.ඒ.ඩී.එම්.කේ පක්ෂය තරඟවලින්නේ පාලක භාරතීය ජනතා පක්ෂය සමඟ එක්වයි.

ස්ටාලින්ගේ ඩී.එම්.කේ පක්ෂය කොංග්‍රස් පක්ෂය සමඟ සන්ධානගතව සිටින අතර සිනමා නළු කමල් හාසන්ගේ මක්කල් නීදි මයියම් සහ ටී.ටී.වී. දිනකරන්ගේ අම්මා මක්කල් මුන්නේත්‍ර පක්ෂය ද තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණ සටනට එක්වනවා.

2016 වසරේ පැවති ප්‍රාන්ත මැතිවරණයේදී ඒ.අයි.ඒ.ඩී.එම්.කේ සහ ඩී.එම්.කේ පක්ෂ අතර පැවතුණේ සියයට 1.7ක ජන්ද ප්‍රතිශත වෙනසක්.

මැතිවරණයෙන් මාස 07කට පසු ඒ.අයි.ඒ.ඩී.එම්.කේ නායිකා ජයලලිතා ජයරාම් අභාවප්‍රාප්ත වූ අතර 2018 වසරේ අගෝස්තුවේදී ඩී.එම්.කේ නිර්මාතෘ කරුණානිධි ද මියගියා.

මෙලෙස ජයලලිතා හෝ කරුණානිධි නොමැතිව තමිල්නාඩුවේ පැවැත්වෙන ප්‍රථම ප්‍රාන්ත මැතිවරණයේදී ප්‍රධාන පක්ෂවල බලපෑම තීරණාත්මක වනු ඇති බව ඇතැමුන්ගේ අදහසයි.

තමිල්නාඩුවේ ජන්දදායකයන් අතර කාන්තා ප්‍රතිශතය පිරිමින් අභිබවා ඇති නිසා සීමාන්ගේ නාම් තමිලර් පක්ෂය සිය අපේක්ෂකයන්ගෙන් සියයට 50ක් කාන්තාවන්ට වෙන් කර තිබීම මෙවර තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ විශේෂත්වයක්.