ඉන්දියාවෙන් නව කොරෝනා ආසාදිතයන් 97,000 ක් - දිල්ලියට ඇඳිරි නීතිය

Tuesday, 06 April 2021 - 15:07

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%80+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+97%2C000+%E0%B6%9A%E0%B7%8A+-+%E0%B6%AF%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%87%E0%B6%B3%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%BA
අද උදෑසනින් අවසන් වූ පැය 24 තුල ඉන්දියාවෙන් නව කොරෝනා වෛරස් ආසාදිතයන් 96,982 ක් වාර්තා වූ අතර, ඒ අනුව එරට මුළු ආසාදිත සංඛ්‍යාව එක්කෝටි විසිහය ලක්ෂය ඉක්මවනවා.

එමෙන්ම, ගත වූ පැය 24 තුල තවත් මරණ 446 ක් වාර්තා වීමත් සමඟ ඉන්දියාවේ කොරෝනා මරණ සංඛ්‍යාව ද එක්ලක්ෂ 65,547 දක්වා ඉහළ ගියා.

මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයෙන් වැඩිම ආසාදිතයන් සහ මරණ වාර්තා වන අතර, දිල්ලියේ දෛනික ආසාදිතයන් සංඛ්‍යාව ද 3500 ඉක්මවා තිබෙනවා.

මෙලෙස අවදානම ඉහළ යාමත් සමඟ රාත්‍රී 10 සිට අලුයම 5 දක්වා රාත්‍රී ඇඳිරි නීතිය පැනවීමට දිල්ලි මහඇමති අරවින්ද් කෙජ්රිවාල් තීරණය කරනු ලැබුවා. මෙම නව පියවර මේ මස 30 වනදා තෙක් ක්‍රියාත්මක වනු ඇති.