බේකරි සහ බිස්කට් නිෂ්පාදකයින්ට විශේෂ බලපත්‍ර ක්‍රමයක් (වීඩියෝ)

Wednesday, 07 April 2021 - 11:42

%E0%B6%B6%E0%B7%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%92+%E0%B7%83%E0%B7%84+%E0%B6%B6%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B7%82%E0%B7%8A%E0%B6%B4%E0%B7%8F%E0%B6%AF%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B6%B6%E0%B6%BD%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29




බේකරි සහ බිස්කට් කර්මාන්තශාලා සඳහා අවශ්‍ය පාම් ඔයිල් ආනයනය කිරීමට ඔවුන්ට විශේෂ බලපත්‍රයක් ලබාදීමට කටයුතු කර ඇති බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

පසුගියදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් උපදෙස් ලබා දුන්නේ ෆාම් ඔයිල් ආනයනය සහ කටුපොල් වගාව තාවකාලිකව තහනම් කරන ලෙසයි.

කෙසේ වෙතත්, තම නිෂ්පාදන සඳහා වැඩි වශයෙන් ෆාම් ඔයිල් භාවිත කරන බැවින් මෙම තීරණය මගින් තමන් දැඩි අපහසුතාවයට පත්වන බව සමස්ත ලංකා බේකරි නිෂ්පාදකයින්ගේ සංගමය ඊයේ මාධ්‍ය හමුවක් කැඳවමින් ප්‍රකාශ කළා.

එහෙත් වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ බේකරි සහ බිස්කට් කර්මාන්තශාලා සඳහා අවශ්‍ය පාම් ඔයිල් ආනයනයට බලපත්‍රයක් ලබාදෙන බවයි.

මේ අතර, බේරුවල සහ දර්ගා නගරයේ ආපනශාලා 50 කට වැඩි ප්‍රමාණයක් ඊයේ දින පරීක්ෂාවකට ලක්කොට ආහාර පිසීම සඳහා යොදා ගන්නා පොල්තෙල් සාම්පල් 5 ක් පමණ රජයේ රස පරීක්ෂක වෙත යොමුකර තිබෙනවා.