නළ ජලය, අත්‍යාවශ්‍ය කටයුතුවලට පමණක් භාවිත කරන්න

Wednesday, 07 April 2021 - 15:39

%E0%B6%B1%E0%B7%85+%E0%B6%A2%E0%B6%BD%E0%B6%BA%2C+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%9A%E0%B6%A7%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%B4%E0%B6%B8%E0%B6%AB%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B7%92%E0%B6%AD+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1
පවතින වියළි කාලගුණ තත්ත්වයෙන් ජල සැපයුමට බාධා මතුව ඇති බැවින් නල ජලය, අත්‍යාවශ්‍ය කටයුතු සඳහා පමණක් භාවිත කරන ලෙස ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය පෙන්වා දෙන්නේ එළඹ ඇති උත්සව සමය නිසා ජල පරිභෝජනය ද ඉහළ ගොස් ඇති බවයි.

ජල මූලාශ්‍රවල ධාරිතාව පහළ බසිමින් පවතින නිසා දවසේ පැය 24 පුරාම එකම මට්ටමකින් ජලය සැපයීමට අපහසුතා පැන නැගී ඇති බව ද ජල සම්පාදන මණ්ඩලය පෙන්වා දෙනවා.

මේ හේතුවෙන් උස්බිම් ප්‍රදේශවල ජල පාරිභෝගිකයන් වෙත ජලය බෙදා හැරීමේදී අඩු පීඩන තත්ත්වයක් ඇතිවිය හැකි බවයි එම මණ්ඩලය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.