ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම අතර තරඟය මැයි 04 (වීඩියෝ)

Wednesday, 07 April 2021 - 15:43

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8+%E0%B7%83%E0%B7%84+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%BD%E0%B7%99%E0%B6%A2%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F%E0%B6%BA+%E0%B6%B8%E0%B7%90%E0%B6%BA%E0%B7%92+04+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම සහ ප්‍රවීනයන්ගේ කණ්ඩායම අතර ප්‍රදර්ශනාත්මක විස්සයි විස්ස ක්‍රිකට් තරගය ලබන මස 4 වනදා පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් කළමණාකරන කමිටුවේ සභාපති මහාචාර්ය අර්ජුන ද සිල්වා අද පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී මෙම තරගය පැවැත්වෙන බවයි.

එම තරගය නැරඹීම සඳහා ප්‍රේක්ෂකයින් පිරිසකට අවස්ථාව ලබාදීමට පියවර ගන්නා බව ඔහු කියා සිටියා.

මේ අතර, වහාම ක්‍රියාත්මක වන පරිදි පාකිස්ථාන සහ චැඩ් රාජ්‍යයේ පාපන්දු සම්මේලනවල කටයුතු අත්හිටුවීමට අන්තර්ජාතික පාපන්දු සම්මේලනය තීරණය කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම සම්මේලන දෙකේ කටයුතුවලට වෙනත් පාර්ශවයන් මැදිහත්වීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි.