සත් පත්තිනි සෙත් ශාන්තියට සමගාමීව අලුත් සහල් සම්මාදන් කිරීමේ කටයුතු අදත් (වීඩියෝ )

Thursday, 08 April 2021 - 7:55

%E0%B7%83%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B6%B1%E0%B7%92+%E0%B7%83%E0%B7%99%E0%B6%AD%E0%B7%8A+%E0%B7%81%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B7%83%E0%B6%B8%E0%B6%9C%E0%B7%8F%E0%B6%B8%E0%B7%93%E0%B7%80+%E0%B6%85%E0%B6%BD%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B7%84%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%9A%E0%B6%A7%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94+%E0%B6%85%E0%B6%AF%E0%B6%AD%E0%B7%8A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D+%29
සුර්ය සිංහලේ හිරුත් එක්ක තුන්හෙළයේ අවුරුදු වැඩසටහනට සමගාමීව පැවැත්වෙන සත් පත්තිනි සෙත් ශාන්තිය සඳහා අලු‍ත් සහල් සම්මාදන් කිරීමේ කටයුතු අද 09 වැනි දිනටත් සිදුකෙරෙනවා.

හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ සංකල්පයක් මත රටට ජාතියට සෙත් පතමින් පැවැත්වෙන සත් පත්තිනි සෙත් ශාන්තිය අවසානයේ පිදෙන දේව දානය උදෙසා මුළු රටෙන්ම අලු‍ත් සහල් පූජා කිරීම මේ දිනවල සිදුකෙරෙනවා.

දිවයිනේ දිස්ත්‍රික්ක 20 ක් ආවරණය කරමින් මාර්ග 3 ක් ඔස්සේ විහාරස්ථාන 90 කදී අලු‍ත් සහල් පූජා කිරීමේ  කටයුතු දින 10 ක් පුරා සිදු කිරීමට නියමිතයි.

පසුගිය 31 වැනිදා අනුරාධපුරය, කතරගම සහ මහියංගනයෙන් නැවුම් සහල් පූජා කරන ශාන්තියේ යාත්‍රාව ගමන් ආරම්භ කළා.

එය අද පෙරවරු අටේ සිට 11 දක්වා මීගහතැන්න විද්‍යායතන පිරිවෙනටත්, මීරිගම ශාසනවර්ධන පිරිවෙනටත්, අත්තනගල්ල රජමහා විහාරයටත් පැමිණෙනවා.

එසේම දහවල් 12 සිට පස්වරු දෙක දක්වා වළල්ලාවිට ශ්‍රී සුවසුද්ධාරාම පුරාණ විහාරයටත්, කොටදෙනියාව ශරබද්ධ ගල්ලෙන් රජ මහා විහාරයටත්, යක්කල ශ්‍රී අභයසේකරාමයටත් ශාන්තියේ යාත්‍රාව පැමිණෙනු ඇති.

පස්වරු තුනේ සිට පහ දක්වා හොරවල නිග්‍රෝධාරාමයටත්, දිවුලපිටිය ශ්‍රී ප්‍රියදර්ශනාරාමයටත්, නවගමුව පත්තිනි දේවාලයටත් ශාන්තියේ යාත්‍රාව පැමිණීමට නියමිතයි.

ඔබේ ගමටත් නගරයටත් පැමිණෙන ශාන්තියේ යාත්‍රාවට සුපිරිසිදුව සකස් කරගත් නොඉඳුල් සහල් මිටක් පූජා කර සත් පත්තිනි දේව මෑණියන්ගේ ආශිර්වාද ලබාගන්නා ලෙස හිරු ටි.වී. සහ හිරු එෆ්. එම්. ඔබට බැතිබරව ඇරයුම් කරනවා.