නිදහස් පක්ෂය, කාදිනල් හිමිපාණන් හමුවීමට සැරසේ

Thursday, 08 April 2021 - 8:21

%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%2C+%E0%B6%9A%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%BD%E0%B7%8A+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%B4%E0%B7%8F%E0%B6%AB%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B7%83%E0%B7%90%E0%B6%BB%E0%B7%83%E0%B7%9A
පාස්කු ප්‍රහාරයට අදාළව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට එරෙහිව යම් ක්‍රියාමාර්ගයක් දියත් වුවහොත් ඊට නීතිමය වශයෙන් මුහුණදීමට අවශ්‍ය ශක්තිය ලබා දෙන බව පක්ෂයේ මහලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙමින්.

 නිදහස් පක්ෂයේ නව ව්‍යවස්ථා යෝජනාවලිය පිළිබඳ සාකච්ඡා කිරීමට ඉදිරියේදී අගරදගුරු හිමිපාණන් හමුවීමට බලාපොරොත්තු වන බවද රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මෙහිදී සඳහන් කළා.