විදුලි සේවකයන් 25,000ක් කොළඹට

Thursday, 08 April 2021 - 8:23

%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+25%2C000%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9%E0%B6%A7
ලංකා විදුලි බල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය අද අසනීප නිවාඩු වාර්තා කරමින් කොළඹදී විරෝධතාවයක් පැවැත්වීමට නියමිතයි.

ඒ, වසර 03 කට වරක් සිදුවන වැටුප් වැඩිවීම මෙවර ක්‍රියාත්මක නොවීමට විරෝධය පළ කරමින්.

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී විදුලිබල අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන ප්‍රකාශ කළේ එලෙස වැටුප් වැඩිකිරීමට අදාළ ගිවිසුමකට විදුලි සේවකයින් මෙවර අත්සන් කර නොමැති බවයි.

මේ අතර, ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය උපාධි ප්‍රදානය කරන ආයතනයක් බවට පත් කිරීමට රජය විසින් පියවර ගත යුතු බව අන්තර් උසස් ජාතික ගණකාධිකරණ ඩිප්ලෝමා පාඨමාලාව සුරැකීමේ ශිෂ්‍ය එකමුතුව පවසනවා.

එහි කැඳවුම්කරු තරිඳු ප්‍රසාද් මේ බව කියා සිටියේ කොළඹදී ඊයේ මාධ්‍ය හමුවක් කැඳවමින්.