සංවර්ධන ඉලක්ක අනාගතය වෙනුවෙන් - ජනපති මහනාහිමිවරුන්ට පහදයි

Thursday, 08 April 2021 - 8:26

%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1+%E0%B6%89%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A+%E0%B6%85%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B6%AD%E0%B6%BA+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+-+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B8%E0%B7%84%E0%B6%B1%E0%B7%8F%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%84%E0%B6%AF%E0%B6%BA%E0%B7%92
අනාගතය දෙස අවධානය යොමුකළ සංවර්ධන වැඩපිලිවෙලක් රට තුළ ක්‍රියාත්මක බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අස්ගිරි මල්වතු මහනාහිමිවරුන් ප්‍රමුඛ මහා සංඝරත්නය හමුවේ අවධාරණය කළා.

ඒ, ඊයේ මහනුවරට ගොස් දළඳා සමිඳුන් වැඳපුදා ගැනීමෙන් අනතුරුව මහනාහිමිවරුන් බැහැදැකීමෙන් අනතුරුවයි.

ගැටළු නිරාකරණය කරගනිමින් රටේ ඉදිරි ගමන වෙනුවෙන් සියලු දෙනා ඒකාවන්ව අත්වැල් බැඳගත යුතු බව එහිදී මහා සංඝරත්නය ප්‍රකාශ කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා.

දළඳා සමිඳුන් වැඳ පුදාගත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පළමුව අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන මහ නාහිමියන් බැහැ දුටුවා.

එම අවස්ථාවට බදුලු මුතියංගන රජමහා විහාරාධිපති ආචාර්ය පූජ්‍ය මුරුද්දෙනියේ ධම්මරතන නාහිමියන්ද වැඩම කර සිටි අතර, ගමින් ගමට චාරිකා කරමින් ජනාධිපතිවරයා ගෙන යන වැඩපිලිවෙල උන්වහන්සේගේ පැසසුමට ලක්වුණා.

මෙහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සඳහන් කළේ ගම දියුණු කිරීමට නම් ග්‍රාමීය ජනතාවට ඉහළ ජීවන තත්ත්වයක් උදාකළ යුතු බවයි.

කොවිඩ් අර්බුදයට සාර්ථකව මුහුණදීමට හැකිවූයේ රජය ගෙන ගිය නිවැරදි වැඩපිලිවෙල නිසා බවද ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියා.

අනතුරුව මල්වතු මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමිපාණන් මෙන්ම මල්වතු අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම නාහිමියන්ද බැහැදුටු ජනාධිපතිවරයා ගැටඹේ රාජෝපවනාරාමාධිපති පූජ්‍ය කැප්පෙටියාගොඩ සිරිවිමල නාහිමියන්ද බැහැදැක තිබෙනවා.

අස්ගිරි පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය ආණමඩුවේ ශ්‍රී ධම්මදස්සී නාහිමියන් බැහැදුටු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට උන්වහන්සේ ආශීර්වාද කළේ බාධක හමුවේ ඉදිරි මග සාර්ථක කර ගැනීමට ශක්තිය ධෛර්යය ලැබේවායි පතමින්.

එසේම, අස්ගිරි පාර්ශවයේ අනුනානායක වේඬරුවේ උපාලි අනුනාහිමියන් මෙන්ම මල්වතු අනුනායක අතිපූජ්‍ය නියංගොඩ විජිතසිරි අනුනාහිමියන්ද මෙහිදී ජනාධිපතිවරයා විසින් බැහැදුටු බවයි ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළේ.