පොළොන්නරුව දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් සිරිපුර රත්මල් කන්ඩිය ප්‍රදේශයේ පුද්ගලයෙකු අද (08) අලුයම වන අලි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
තිදරු පියෙකු වන ඔහු වන අලි ප්‍රහාරයෙන් අනතුරුව දෙහිඅත්තකණ්ඩිය රෝහල කරා රැගෙන යමින් සිටියදීයි මරුමුවට පත්ව තිබෙන්නේ.
මෙසේ මියගොස් ඇත්තේ අංක 163 රත්මල් කන්ඩිය ලිපිනයේ පදිංචි ප්‍රේමරත්න නමැති 52 හැවිරිදි ගොවි මහතෙක්.
අවමංගලය උත්සවයකට සහභාගී වී නැවත නිවස කරා පැමිණෙමින් සිටියදී මොහු වන අලි ප්‍රහාරයට ලක්ව ඇති බව සිරිපුර පොලිසිය සඳහන් කළා.
සිරිපුර පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරණු ලබනවා.