නීති විරෝධීව විදෙස්ගත වීමට යමින් සිටි 20 දෙනෙකු අත්අඩංගුවට

Thursday, 08 April 2021 - 11:05

%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B7%93%E0%B7%80+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%99%E0%B7%83%E0%B7%8A%E0%B6%9C%E0%B6%AD+%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%BA%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92+20+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
නීතිවිරෝධී ලෙස මෙරටින් විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සාහ කළ 20 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය 6 වන දා සිලාවතුර, කොන්ඩච්චිකුඩා ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසියකදී ත්‍රිරෝද රථ 4ක් නාවික හමුදාව පරීක්ෂාවට ලක්කළා.

එම ත්‍රීරෝද රථවල සිටි 20 දෙනාම නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ගය ඔස්සේ මෙරටින් සංක්‍රමණය වීම සඳහා සූදානම්ව සිටි බවයි නාවික හමුදාව ප්‍රකාශ කළේ.

අත්අඩංගුවට ගත් මෙම පිරිස අතර පිරිමි පුද්ගලයින් 14 දෙනෙකු, කාන්තාවන් 4 දෙනෙකු සහ දරුවන් දෙදෙනෙකු ද සිට තිබෙනවා.

ඔවුන් මන්නාරම, වාලච්චේන, වත්තල සහ පුත්තලම යන ප්‍රදේශවල පදිංචිකරුවන්.