ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවන මාත්‍රාව ලබන 23 වන දා සිට ජුලි 6 දක්වා ලබාදීමට කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
මේ අතර, සමනලවැව ජල විදුලි බලාගාරයේ සේවකයන් 35 දෙනෙකුට කොරෝනා වෛරසය වැළදී ඇති බව විදුලිබල මණ්ඩලයේ සභාපති විජිත හේරත් ප්‍රකාශ කලා. කෙසේ වෙතත්, ආශ්‍රිතයන් නිරෝධායනයට යොමුකර සෞඛ්‍ය නිර්දේශ මත අවම සේවක සංඛ්‍යාවක් යොදා ගනිමින් බලාගාරයේ කටයුතු පවත්වාගෙන යන බවයි ඔහු කියා සිටියේ.
අද දිනයේ ආසාදිතයන් 127 දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටව ගිය අතර මේ වනවිට සුවය ලබා ඇති මුළු සංඛ්‍යාව 91,044 ක්. තවත් ආසාදිතයින් 260 දෙනෙකු අද දිනයේ මේ දක්වා කාලය තුල අලුතින් වාර්තා වීමත් සමඟ මෙරට සමස්ත ආසාදිත සංඛ්‍යාව 94,253 ක් දක්වා ඉහළ ගියා.