මත්පෙති 3000ක් කොටුව ඖෂධ අලෙවිසැලකින්

Thursday, 08 April 2021 - 12:59

%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B6%B4%E0%B7%99%E0%B6%AD%E0%B7%92+3000%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%94%E0%B7%80+%E0%B6%96%E0%B7%82%E0%B6%B0+%E0%B6%85%E0%B6%BD%E0%B7%99%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%90%E0%B6%BD%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A
කොළඹ කොටුව දුම්රියපළ ඉදිරිපිට පිහිටි ඖෂධ අලෙවිසැලක් වැටලූ පොලිස් විශේෂ කාර්ය බලකාය, එහි තිබී මත්පෙති 3000ක් පමණ සොයාගෙන තිබෙනවා.

ගෝනහේන පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් ඊයේ මෙම වැටලීම සිදුකර ඇත්තේ කඩවත - රුප්පාගොඩ ප්‍රදේශයෙන් මත්පෙති 140ක් සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවෙකු ලබාදුන් තොරතුරක් මතයි.

ඒ අනුව කළ වැටලීමේදී අදාළ ඖෂධ අලෙවිසැලේ තිබී මෙම මත්පෙති තොගය සොයා ගැනුණු අතර, එමගින් දිවයිනේ විවිධ ප්‍රදේශ වෙත නීතිවිරෝධී ලෙස මත්පෙති බෙදා හැර ඇති බව හෙළි වුණා.

ඒ සම්බන්ධයෙන් ඖෂධ අලෙවිසැලේ හිමිකරු සහ රුප්පාගොඩ ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගත් සැකකරු ඉදිරි විමර්ශන සඳහා කඩවත පොලීසිය වෙත භාර දී තිබෙනවා.