ෆොන්සේකා සහ චමල් වාග් ප්‍රහාරයක

Thursday, 08 April 2021 - 13:01

%E0%B7%86%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%9A%E0%B6%9A%E0%B7%8F+%E0%B7%83%E0%B7%84+%E0%B6%A0%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A+%E0%B7%80%E0%B7%8F%E0%B6%9C%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත සිර දඬුවම් විඳින රන්ජන් රාමනායකගෙන් හිස් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයට අජිත් මාන්නපෙරුමගේ නම මැතිවරණ කොමිසමට ලැබී තිබෙනවා.

එහි සභාපති නීතිඥ නිමල් පුංචිහේවා කියා සිටියේ එම නම අද ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීම සඳහා රජයේ මුද්‍රණාලය වෙත යවන බවයි.

සිර දඬුවම් නියම වූ රන්ජන් රාමනායකගේ මන්ත්‍රී ධූරය හිස්ව ඇති බව කතානායක මහින්ද යාපා අබේවර්ධන ඊයේ පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.

ඒ සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඊයේ සිදුකළ චෝදනාවට කථානායක මහින්ද යාපා අබේවර්ධන, අද සභාව ආරම්භයේදී පැහැදිලි කිරීමක් සිදුකළා.

ඉන් අනතුරුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කළේ රන්ජන් රාමනායකගෙන් හිස් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය සම්බන්ධයෙන් කථානායකවරයා සිදුකළ දැනුම්දීම පිළිබද තමා අතින් අතපසු වී යම් කරුණු සභාව හමුවේ ඉදිරිපත් වූ බවයි.

කෙසේ වෙතත්, ඒ සම්බන්ධයෙන් සභාව තුළ සංවාදාත්මක තත්ත්වයක් ඇති වූ අතර විපක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන් කළු පටි පැළද සභා ගර්භයට පැමිණි සිටි බවයි අප පාර්ලිමේන්තු වාර්තාකරු සදහන් කළේ.

අදාළ සංවාදයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සහ අමාත්‍ය චමල් රාජපක්ෂ අතර වචන හුවමාරුවක් ඇතිවීමත් සමඟ සභාවේ ඇති වූ උණුසුම් තත්ත්වය හේතුවෙන් සභාව විනාඩි 5කට කල් තැබීමට කතානායක මහින්ද යාපා අබේවර්ධන තීරණය කළා.

මේ අතර, කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේනතු ආරම්භයට ප්‍රථම පක්ෂ නායක රැස්වීමක් කැදවා තිබුණා.

ඒ, අද පැවැත්වීමට නියමිතව තිබූ දේශපාලන කොමිසම සම්බන්ධව විවාදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහායි.

කෙසේ වෙතත් එහිදී උණුසුම් සංවාදයක් ඇතිවූ අතර එකගත්වයෙන් තොරව එම සාකච්ඡාව අවසන් වී තිබෙනවා.