පිටකොටුවේ පාවෙන වෙළඳසැල් ලබාදීම ගැන නාගරික සංවර්ධන අධිකාරියෙන් පැහැදිලි කිරීමක්

Thursday, 08 April 2021 - 13:06

%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1+%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B6%B3%E0%B7%83%E0%B7%90%E0%B6%BD%E0%B7%8A+%E0%B6%BD%E0%B6%B6%E0%B7%8F%E0%B6%AF%E0%B7%93%E0%B6%B8+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B6%BB%E0%B7%92%E0%B6%9A+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%90%E0%B7%84%E0%B7%90%E0%B6%AF%E0%B7%92%E0%B6%BD%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
රුපියල් මිලියන 35 ක වියදමින් අළුත්වැඩියා කෙරුණු කොළඹ බැස්ටියන් මාවත පාවෙන වෙළඳ සංකීර්ණය යළි ඊයේ පස්වරුවේ විවෘත කෙරුණා.

කෙසේ වෙතත්, එම ස්ථානයට පැමිණ සිටි ව්‍යාපාරිකයින් පිරිසක් චෝදනා කළේ ව්‍යාපාරික ස්ථාන සඳහා මුදල් ලබාදුන් තමන්ට වෙළඳසැල් ලබානොදී වෙනත් පුද්ගලයින්ට ඒවා ලබාදී ඇති බවටයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, ආරක්ෂක ලේකම්වරයාව සිටි සමයේදී ඉදිකෙරුණු පාවෙන වෙළඳ සංකීර්ණය ජනතා අයිතියට පත් කෙරුණේ 2014 වසරේ අගෝස්තු මස 25 වැනිදායි.

වෙළඳසැල් 103 කින් සමන්විත මෙම ව්‍යාපෘතිය සඳහා වැයකර තිබූ මුදල රුපියල් මිලියන 312 ක්.

වෙනස් වන කොළඹ සංකල්පය යටතේ ඉදිකෙරුණු මෙම වෙළඳ සංකීර්ණය පසුගිය යහපාලන රජය සමයේදී නඩත්තු නොකිරීම හේතුවෙන් විනාශයට පත්වුණා.

ව්‍යාපාරිකයින් සහ මහජනතාව චෝදනා කළේ පාළුවට සහ විනාශයට යමින් පැවති එම ස්ථානය විවිධ විෂමාචාරයන් සඳහාද භාවිත වන බවටයි.

ඒ අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ උපදෙස් පරිදි යළිත් පාවෙන වෙළඳ සංකීර්ණය නවීකරණය කෙරුණා.

එලෙස නවීකරණය කෙරුණු පාවෙන වෙළඳ සංකීර්ණය ඊයේ පස්වරුවේ මහජනතාව වෙනුවෙන් විවෘත කෙරුණේ මැති ඇමතිවරුන් පිරිසකගේ සහභාගීත්වයෙන්.

කෙසේ වෙතත්, එම ස්ථානයට පැමිණ සිටි වෙළඳුන් පිරිසක් චෝදනා කළේ මෙම වෙළඳසැල් සඳහා ගෙවිය යුතු මුදලින් කොටසක් ගෙවා තිබියදීත් ඒවා වෙනත් වෙළඳුන් සඳහා ලබාදී ඇති බවයි.

අප මේ සම්බන්ධයෙන් නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසාද් රණවීරගෙන් විමසීමක් කළා.

ඔහු කියා සිටියේ බදු ගිවිසුම උල්ලංඝනය කිරීම හේතුවෙන් මෙලෙස ඔවුන්ගෙන් යළි කඩ පවරා ගත් බවයි.