රක්ෂිත විනාශයට එරෙහිව පියවර ගන්නා බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරිය කියයි

Thursday, 08 April 2021 - 13:09

%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92%E0%B6%AD+%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%8F%E0%B7%81%E0%B6%BA%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80+%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B7%80%E0%B6%BB+%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F+%E0%B6%B6%E0%B7%80+%E0%B6%B1%E0%B7%90%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%84%E0%B7%92%E0%B6%BB+%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%80%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
කෘෂිකර්මාන්තය මුවාවෙන් රජයේ රක්ෂිත විනාශ කිරීමට එරෙහිව අවශ්‍ය පියවර ගන්නා බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් පවසනවා.

කුච්චවේලි ප්‍රදේශයේ පැවති විරෝධතාවකට ප්‍රතිචාර දක්වමින් ඇය මේ බව කියා සිටියා.

ත්‍රිකුණාමලයේ පිහිටි රජයේ රක්ෂිතවලට ඇතුළුවීම වළක්වාලමින් නැගෙනහිර පළාත් ආණ්ඩුකාර කාර්යාලය සවිකර ඇති දැන්වීම් පුවරු ඉවත් කරන ලෙස ඉල්ලමින් කුච්චවේලි ප්‍රදේශයේ පිරිසක් විරෝධතාවක නිරත වුණා.

1967 වසරේ සිට තමන්ට අදාළ ඉඩම් අයත්ව තිබූ බවයි ඔවුන් ප්‍රකාශ කළේ.

කෙසේ වෙතත්, යුද සමයේදී එම ඉඩම්වලින් තමන් තාවකාලිකව ඉවත් වූ බවයි මෙහිදී විරෝධතාකරුවන් කියා සිටියේ.

මෙම විරෝධතාව පැවති ස්ථානයෙන් ගමන්ගත් පළාත් ආණ්ඩුකාරවරියගේ රථය අවහිර කළ ප්‍රදේශවාසීන් තම ගැටළුවට විසඳුමක් ලබාදෙන ලෙස ඉල්ලීමක් කළා.

ආණ්ඩුකාරවරිය එහිදී කියා සිටියේ ඉඩම් අයිතිය පිළිබඳ නීත්‍යානුකූලභාවය සනාථ කිරීමෙන් පසු ඒවායේ ගොවිතැන් කටයුතු සිදුකළ හැකි බවයි.