ඇමරිකාවෙන් චීනයට අනතුරු ඇගවීමක්

Thursday, 08 April 2021 - 13:10

%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A0%E0%B7%93%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%87%E0%B6%9C%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
තායිවානය සහ පිලිපීනයට බලපෑම් නොකරන ලෙසට ඇමරිකාව චීනයට අනතුරු අඟවා තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ චීනය කලක සිට පිලිපීනයේ සහ තායිවානයේ පරිපාලන කටයුතු සඳහා විවිධ බලපෑම් එල්ල කරමින් සිටින බවයි.

පිලිපීන මුහුදු සීමාවේ චීන ධීවර බෝට්ටු 200ක් පමණ නවතා ඇති අතර අනවසරයෙන් සිය මුහුදු සීමාවට පැමිණි බෝට්ටු ඉවත් කර ගන්නා ලෙසටයි බලධාරීන් දැනුම් දී ඇත්තේ.

කෙසේ වෙතත් චීනය එම දැනුම් දීම නොතකමින් කටයුතු කරන බවට පිලිපීනය චෝදනා කරනවා.

එමෙන්ම චීනය සහ තායිලන්තය අතර ද කළක සිට මත ගැටුම් පවතිනවා.

මේ හේතුවෙනුයි පිලිපීනය සහ තායිවානය සමඟ කිට්ටු සබඳතාවක් පවත්වාගෙන යන ඇමරිකාව මෙම අනතුරු ඇඟවීම සිදු කර ඇත්තේ.