අත්අඩංගුවට ගත් ජඹුරේවෙල හිමි හෙට අධිකරණයට (ඡායාරූප සහ වීඩියෝ)

Thursday, 08 April 2021 - 13:22

%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%A2%E0%B6%B9%E0%B7%94%E0%B6%BB%E0%B7%9A%E0%B7%80%E0%B7%99%E0%B6%BD+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92+%E0%B7%84%E0%B7%99%E0%B6%A7+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4+%E0%B7%83%E0%B7%84+%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


පොලිස් ජිප් රථයකට පහරදී අලාභ හානි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිංහලේ අපි ජාතික සංවිධානයේ මහලේකම් පූජ්‍ය ජඹුරේවෙල චන්දරතන හිමියන් ඇතුළු දෙදෙනා හෙට අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය ප්‍රකාශ කළා.

රණවිරු බිරින්දෑවරුන් පිරිසක් සමග උන්වහන්සේ කොළඹ කොටුවේ දුම්රිය ස්ථානය ඉදිරිපිට විරෝධතාවයේ නිරත වෙමින් සිටියදී එම ස්ථානයෙන් කොටුව පොලිස් ස්ථානයට අයත් ජිප් රථයක් ගමන් කර තිබුණා. ඒ කොරෝනා මාර්ගෝපදේශ පිලිබඳව දැනුවත් කරමින්.

එහිදී විරෝධතාවයේ නිරතව සිටි අයෙකු විසින් පොලිස් ජිප් රථයට ගල් ප්‍රහාරයක් එල්ල කර ඇති අතර, ඊට අදාළවයි ජඹුරේවෙල චන්දරතන හිමියන් සහ එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත්තේ.

අයුතු ජනරාශියක සාමාජිකයෙකු වීම සහ පොලිස් ජිප් රථයට පහරදී අලාභ හානි සිදුකිරීම ඇතුළු චෝදනා කිහිපයක් ජඹුරේවෙල චන්දරතන හිමියන් සහ අනෙක් පුද්ගලයාට කොටුව පොලීසිය විසින් ගොනුකර තිබෙනවා.

සිද්ධියට අදාළව තවත් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ආරම්භ කර ඇති බව ද පොලීසිය ප්‍රකාශ කළා.

මේ අතර, ලංකා විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය ද අද කොළඹදී විරෝධතාවක නිරත වුණා. ඒ වැටුප් ඉහල දැමීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින්. දිවයිනේ සියලුම දිස්ත්‍රික්කවලින් නියෝජිතයින් ඊට එක්ව සිටියා.

එසේම ලංකා බැංකු සේවක සංගමයද අද දහවල් කොළඹ ලේක් හවුස් වටරවුම ඉදිරිපිට විරෝධතාවයක නිරත වුණා.

ඒ බැංකු සේවකයින්ගේ විශ්‍රාම වැටුප දිර්ඝ කිරිම සහ නවක සේවකයින්ගේ පුහුණු කාලය වසර 2 කට වැඩි කාලයක් ලබා දිම ඇතුළු ඉල්ලිම් කිහිපයක් මුල් කරගනිමින්.

පසුව විරෝධතාකරුවන් ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණ සංදේශයක් ලබා දුන් බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.