සුලු පක්ෂ නිදහස් පක්ෂය සමග ඩාලි පාරේ හදිසි සාකච්ඡාවක

Thursday, 08 April 2021 - 21:22

%E0%B7%83%E0%B7%94%E0%B6%BD%E0%B7%94+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA+%E0%B7%83%E0%B6%B8%E0%B6%9C+%E0%B6%A9%E0%B7%8F%E0%B6%BD%E0%B7%92+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%9A+%E0%B7%84%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%92+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F%E0%B7%80%E0%B6%9A
පාර්ලිමේන්තුව නියෝජනය කරන සුලු පක්ෂ 11ක නායකයන්ගේ හමුවක් මීට ටික වේලාවකට පෙර ඩාලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී අවසන් වුනා.

අද රාත්‍රී 7ට පමණ ආරම්භ කෙරුණු මෙම සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර, දුමින්ද දිසානායක ඇතුලු පිරිසක් එක්ව සිටි අතර කැබිනට් අමාත්‍යවරුන් වන විමල් වීරවංශ, උදය ගම්මන්පිල ද මෙම සාකච්ඡාවට එක්ව සිටියා.

ඊට අමතරව රාජ්‍ය අමාත්‍යවරයෙුකු වන වාසුදේව නානායක්කාර මෙන්ම මන්ත්‍රීවරුන් වන ගෙවිඳූ කුමාරතුංග, අතුරලියේ රතන හිමියන් සහ හිටපු අමාත්‍යවරයෙකු වන ඩිව් ගුණසේකර ද මෙම සාකච්ඡාවට එක්ව සිටියා.

පැය 1 හමාරකට අධික කාලයක් සාකච්ඡා කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයෙන් පිටතට පැමිණි මහජන නියෝජිතයින් මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් කියාසිටියේ මෙය පාර්ලිමේන්තුව නියෝජනය කරන සුලු පක්ෂ නායකයන්ගේ රැස්වීමේ මාලාවේ  තවත් එක් පියවරක් පමණක් බවයි.

කෙසේවෙතත් මෙහිදී විමල් වීරවංශ සහ දයාසිරි ජයසේකර මාධ්‍ය මගහරිමින් යන අයුරු දක්නට ලැබුනා.