මියගිය සහ ආබාධිත රණවිරුවන්ගේ වැටුප් සහ දීමනා ඔවුන්ගේ යැපෙන්නන්ට දිවි ඇති තෙක් (වීඩියෝ)

Thursday, 08 April 2021 - 21:30

%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B7%83%E0%B7%84+%E0%B6%86%E0%B6%B6%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%AD+%E0%B6%BB%E0%B6%AB%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%B4%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B6%B1%E0%B7%8F+%E0%B6%94%E0%B7%80%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%BA%E0%B7%90%E0%B6%B4%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%92+%E0%B6%87%E0%B6%AD%E0%B7%92+%E0%B6%AD%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
ආබාධිත රණවිරුවන්ට දිවි ඇති තෙක් ගෙවනු ලබන වැටුප් සහ දීමනා ඔවුන් මියගිය පසු ඔවුන්ගේ යැපෙන්නන්ටත් දිවිඇති තෙක් ගෙවීම පිණිස අනුමැතිය ලබා ගැනීමට සකස් කල යෝජනාවක් අමාත්‍ය මණ්ඩලයට යොමු කර ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසනවා.

ආරක්ෂක කටයුතු පිළිබද අමාත්‍යාංශ උපදේශක කාරක සභාව ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පැවති අතර ඊට එක් වෙමිනුයි ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ.

වත්මන් පාර්ලිමේන්තුව රැස්වීමෙන් පසු උපදේශක කාරක සභාවේ ප්‍රථම රැස්වීම මෙය වන අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඊට එක් වූයේ කාරක සභා සභාපතිධූරය විෂයභාර අමාත්‍යවරයාට හිමිවන බැවින්.

ජාතික ආරක්ෂාව, නීතිය හා සාමය ප්‍රවර්ධනය, රණවිරු වැටුප් මත්ද්‍රව්‍ය නිවාරණය ආදී ආයතන වල වාර්ෂික වාර්තා වැනි විෂය ගණනාවක් එහිදී සාකච්ඡාවට බඳුන්වී තිබෙනවා.

එහිදී පොලීසියේ පිරිස් බලය වැඩිකිරීම පිණිස ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයෙන්ම දස දහසක් අලුතින් බඳවා ගැනීමටද තීරණය වී ඇති බව සඳහන්.

එමෙන්ම රටේ විවිධ ප්‍රදේශවල පොලිස් ස්ථාන 196ක් අලුතින් ස්ථාපනයට සැලසුම් කර ඇති බවයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එහිදී ප්‍රකාශ කළේ.

එමෙන්ම ආබාධිත සහ මිය ගිය රණවිරු පවුල් වලට ගෙවන වැටුප් සහ දීමනා පිළිබඳවද එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබෙනවා.

ඒ අනුවයි මිය ගිය රණවිරුවන්ගේ යැපෙන්නන්ටත් වැටුප් සහ දීමනා ජීවිතාන්තය දක්වා ලබා ගැනීමට අදාලව සකස් කල කැබිනට් පත්‍රිකාව කැබිනට් මණ්ඩලය හමුවට ඉදිරිපත් කර ඇත්තේ.

රණවිරු පවුල් වල ඉල්ලීම ඉටු කරන බව සඳහන් කල ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වැඩිදුරටත් කියා සිටියේ ඒ සඳහා උද්ඝෝෂණ කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බවයි.

උද්ඝෝෂණ පිටුපස ඇත්තේ වෙනත් අරමුණක් බවද ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී තිබෙනවා.

මින් පෙර කාලවලදී කල අයුරින් උද්ඝෝෂණ කරුවන්ට වත්මන් රජය කිසිදු හිරිහැරයක් නොකල බවද ජනාධිපතිවරයා මෙන්ම ආරක්ෂණ ලේකම්වරයාද එහිදී සඳහන් කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළේ.