ගගාරින්ගේ අභ්‍යවකාශ තරණය සමරන්න රුසියානුවන් තුන්දෙනෙකු උඩුගුවනට

Friday, 09 April 2021 - 14:16

%E0%B6%9C%E0%B6%9C%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%85%E0%B6%B7%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B6%9A%E0%B7%8F%E0%B7%81+%E0%B6%AD%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B7%83%E0%B6%B8%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%BB%E0%B7%94%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%8B%E0%B6%A9%E0%B7%94%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B6%A7
මීට 60 වසරකට පෙර එනම්, 1961 වසරේ අප්‍රේල් 12 වනදා යූරි ගගාරින් ප්‍රථම වරට සිදුකළ අභ්‍යවකාශ තරණය සැමරීම සඳහා රුසියානුවන් තුන්දෙනෙකු අද අන්තර්ජාතික ගගන මධ්‍යස්ථානය බලා නික්මුණා.

කසක්ස්ථානයේ - බයිකොනූර් ගගන මධ්‍යස්ථානයෙන් අද දහවල් එම සෝයුස් යානය නික්මුණු බවයි ටාස් ප්‍රවෘත්ති සේවය සඳහන් කළේ.

ලබන සඳුදාට යෙදී ඇති ගගාරි අභ්‍යවකාශ තරණයේ 60 වන සැමරුමට ඔවුන් අන්තර්ජාතික ගගන මධ්‍යස්ථානයේ සිට එක්වනු ඇති.

1961 වසරේ යූරි ගගාරීන් අභ්‍යවකාශයට පිවිස විනාඩි 108 ක් එහි ගත කළ අතර, එය එවකට ඇමෙරිකාව සමග පැවති අභ්‍යවකාශ සටනින් සෝවියට් රුසියාව ලද ජයග්‍රහණයක් ලෙස සැලකුණා.

අප්‍රේල් 12 වනදා දිනය රුසියානුවන් සෑම වසරකම සමරනු ලබන්නේ අජටාකාශ දිනය ලෙසයි.