කැරිබියානු ගිනි කන්දක් පුපුරයි - 16,000 ක් ජනයා ඉවත් කර ගැනේ

Saturday, 10 April 2021 - 9:19

%E0%B6%9A%E0%B7%90%E0%B6%BB%E0%B7%92%E0%B6%B6%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%92+%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%94%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B6%BA%E0%B7%92+-+16%2C000+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA%E0%B7%8F+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%9A
කැරිබියානු ශාන්ත වින්සන්ට් දිවයිනේ පිහිටි සුෆියෙරා ගිනි කන්ද විදාරණය වීමෙන් ලාවා සහ ගිනි කඳු දුමාරය නික්මෙන බව විදෙස් වාර්තා සඳහන් කළා.

දශක ගණනාවක් නිද්‍රාගතව පැවති මෙම ගිනි කන්ද පසුගිය දෙසැම්බරයේ සිට සක්‍රිය වූ අතර මේ සතියේ එහි උපරිම මට්ටමට පැමිණ තිබෙනවා.

එමගින් නික්මෙන ගිනිකඳු දුමාරය කිලෝමීටර් 6 ක් පමණ ඉහළ අහසට පැතිරෙන බව සඳහන්.

අඩි 4000 කට වැඩි උසකින් යුත් ගිනි කන්ද අවට ප්‍රදේශවලින් 16,000 ක් පමණ ජනතාව ආරක්ෂිත ස්ථාන කරා ඉවත් කර ගැනීමට කටයුතු කරන බව ශාන්ත වින්සන්ට් දිවයිනේ අග්‍රාමාත්‍ය රැල්ෆ් ගොන්සාලේස් සඳහන් කළා.

1902 වසරේදී සුෆියෙරා ගිනි කන්ද විදාරණයට ලක්වීමෙන් පුද්ගලයන් දහසකට වැඩි පිරිසක් ජිවිතක්ෂයට පත්වුණා.