ඉන්දියාවේ වැඩිම කොරෝනා ආසාදිතයන් ගතවූ පැය විසි හතරේදී

Saturday, 10 April 2021 - 13:19

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92%E0%B6%B8+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B6%AD%E0%B7%80%E0%B7%96+%E0%B6%B4%E0%B7%90%E0%B6%BA+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%92+%E0%B7%84%E0%B6%AD%E0%B6%BB%E0%B7%9A%E0%B6%AF%E0%B7%93
අද උදෑසනින් අවසන් වූ පැය විසි හතර තුළ ඉන්දියාවෙන් නව කොරෝනා ආසාදිතයන් එක්ලක්ෂ 45,384 ක් සොයාගෙන තිබෙනවා.

එය ගෝලීය වසංගතය ආරම්භ වූ දා පටන් ඉන්දියාවෙන් මෙතෙක් වාර්තාවූ වැඩිම දෛනික ආසාදිත සංඛ්‍යාවයි.

ඒ අනුව ඉන්දියාවේ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව එක්කෝටි තිස් දෙලක්ෂය ඉක්මවා ඉක්මවනවා.

එමෙන්ම ගතවූ පැය විසි හතර තුළ වාර්තාවූ කොරෝනා මරණ 794 ක් සමඟ එරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාවද එක්ලක්ෂ 68,436 දක්වා ඉහළ ගියා.

ඉන්දියාව ලක්ෂය ඉක්මවූ දෛනික ආසාදිතයන් වාර්තාකළ අඛණ්ඩ සිව්වන දිනය මෙයයි.

ඉන්දියාවේ කොරෝනා ව්‍යාප්තිය වැඩි වශයෙන්ම දක්නට ලැබෙන මහාරාෂ්ට්‍ර ප්‍රාන්තය අඛන්ඩව වසා දැමීමේ අවදානමකට ලක්ව ඇති අතර, දිල්ලියේ සියලු පාසල් සහ විද්‍යායතන දින නියමයක් නොමැතිව වසා දමා තිබෙනවා.