5000 දීමනාව 12 සහ 13 සමෘද්ධි බැංකුවලින් - චක්‍රලේඛයත් නිකුත් වෙයි

Saturday, 10 April 2021 - 14:59

5000+%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B6%B1%E0%B7%8F%E0%B7%80+12+%E0%B7%83%E0%B7%84+13+%E0%B7%83%E0%B6%B8%E0%B7%98%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92+%E0%B6%B6%E0%B7%90%E0%B6%82%E0%B6%9A%E0%B7%94%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+-+%E0%B6%A0%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BD%E0%B7%9A%E0%B6%9B%E0%B6%BA%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%9A%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
අලුත් අවුරුද්ද වෙනුවෙන් අඩු ආදායම්ලාභීන් සහ සමෘද්ධිලාභීන් වෙත ලබාදෙන රුපියල් 5000 දීමනාව අප්‍රේල් 12 , 13 දිනවල සමෘද්ධි බැංකු මගින් ලබා ගත හැකි බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශක කළා.

ඒ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සමෘද්ධි ගෘහ ආර්ථික රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ කියා සිටියේ හෙට දිනයේ සිට මීට අදාළ කටයුතු ආරම්භ කරන බවයි.

මේ අතර කොරෝනා තත්වය හේතුවෙන් බලපෑමට ලක්වූ පවුල්වලට අලුත් අවුරුද්ද වෙනුවෙන් රුපියල් 5000ක දීමනාවට අදාළ ප්‍රතිලාභීන් සහ අනෙක් තොරතුරු ඇතුලත් චක්‍රලේඛයක් ද නිකුත්කර තිබෙනවා.