කිරුළේ අර්බුදය පිළිබඳව රෝසි සේනානායක හඬ අවදි කරයි (වීඩියෝ)

Saturday, 10 April 2021 - 20:19

%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B7%85%E0%B7%9A+%E0%B6%85%E0%B6%BB%E0%B7%8A%E0%B6%B6%E0%B7%94%E0%B6%AF%E0%B6%BA+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%B6%E0%B6%B3%E0%B7%80+%E0%B6%BB%E0%B7%9D%E0%B7%83%E0%B7%92+%E0%B7%83%E0%B7%9A%E0%B6%B1%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B7%84%E0%B6%AC+%E0%B6%85%E0%B7%80%E0%B6%AF%E0%B7%92+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
තමන්ගෙන් තවත් අයෙකුට වරදක් සිදුවූ අවස්ථාවක සමාව අයැදීමට නිහතමානී විය යුතු බව ලොව පළමු විවාහක රූ රැජිණ වන රෝසි සේනානායක පවසනවා.

ඇය අද මෙම අදහස් පළ කළේ, ලෝක විවාහක රූ රැජිණ තරගය සඳහා මෙරට නියෝජනය තේරීමේ තරගයේදී ඇතිවූ සිද්ධියක් සම්බන්ධයෙන් ජාත්‍යන්තරයේ දැඩි කතාබහක් මතුව ඇති පසුබිමකයි.

මෙම සිදුවීමට මුල්වුණේ පසුගියදා ලෝක විවාහක රූ රැජිණ තරගය සඳහා ශ්‍රී ලංකාවේ නියෝජනය තෝරාපත්කර ගැනීමට පැවති තරගයේ ඇතිවූ සිදුවීමයි.

එහිදී ඉවත් කෙරුණු පුෂ්පිකා ද සිල්වාගේ රූ රැජිණ කිරුළ යලි ඇයටම හිමිවූ අතර, කැරොලයින් ජූරි පෙරේදා පොලිස් අත්අඩංගුවට පත්වීමෙන් පසු පොලිස් ඇප
මත මුදාහැරුණා.

මෙම සිදුවීම් ජාත්‍යන්තර මාධ්‍යයේ මේ දිනවල දැඩි අවධානයට ලක්ව තිබෙනවා.

මේ අතර, ලොව පළමු විවාහක රූ රැජිණ ලෙස 1985 වසරේදී කිරුළ පැළඳූ රෝසි සේනානායක මහත්මිය කොළඹදී අද පැවති පාසල් දරුවන්ට පොත්පත් බෙදා දීමේ වැඩසටහනකදී මෙලෙස අදහස් පළකළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories