ත්‍රී රෝද රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් කාන්තාවක් මරුට

Sunday, 11 April 2021 - 6:59

%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BB%E0%B7%9D%E0%B6%AF+%E0%B6%BB%E0%B6%AE%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B4%E0%B7%8F%E0%B6%AD%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B7%85%E0%B7%93%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
ඊයේ සවස 4.35ට පමණ රාගල ප්‍රදේශයේදී ත්‍රී රෝද රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් කාන්තාවක් මියගොස් තිබෙනවා.

රියදුරාට ත්‍රී රෝද රථය පාලනය කර ගැනීමට නොහැකිවීමෙන් එය මාර්ගයෙන් ඉවතට පැන මීටර් 150ක පමණ ප්‍රපාතයට පෙරළී ඇති බවයි පොලිසිය කියාසිටියේ.

අනතුරින් ත්‍රී රෝද රථයේ පිටුපස ගමන් කළ කාන්තාවන් දෙදෙනෙකු ගැහැණු දරුවන් දෙදෙනෙකු සහ මාස 9ක පිරිමි දරුවෙකු තුවාල ලබා නුවරඑළිය රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුවයි එක් කාන්තාවක් මියගොස් ඇත්තේ.

මියගොස් ඇත්තේ වලපනේ ප්‍රදේශයේ පදිංචිව සිටි 46 හැවිරිදි කාන්තාවක්.

මෘත ශරීරය නුවරඑළිය රෝහලේ තැන්පත් කර ඇති අතර රාගල පොලිසිය වැඩිදුර විමර්ශණ සිදුකරනවා.