සත්පත්තිනි සෙත් ශාන්තිය වෙනුවෙන් සැදැහැවතුන් පූජා කළ සහල්වල අග්‍ර කොටස බුදු හිමියන් වෙනුවෙන් පූජා කෙරේ (වීඩියෝ)

Sunday, 11 April 2021 - 7:12

%E0%B7%83%E0%B6%AD%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B6%B1%E0%B7%92+%E0%B7%83%E0%B7%99%E0%B6%AD%E0%B7%8A+%E0%B7%81%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B6%BA+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%90%E0%B6%AF%E0%B7%90%E0%B7%84%E0%B7%90%E0%B7%80%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%96%E0%B6%A2%E0%B7%8F+%E0%B6%9A%E0%B7%85+%E0%B7%83%E0%B7%84%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B6%BD+%E0%B6%85%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%83+%E0%B6%B6%E0%B7%94%E0%B6%AF%E0%B7%94+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%96%E0%B6%A2%E0%B7%8F+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
හිරු ටී.වී. සහ හිරු එෆ්. එම්. ගෙන එන සූර්ය සිංහලේ හිරුත් එක්ක තුන්හෙළයේ අවුරුදු වැඩසටහනට සමගාමීව පැවැත්වෙන සත්පත්තිනි සෙත් ශාන්ති කර්මයේ ශාන්තියේ යාත්‍රාවට ඔබ විසින් පූජා කළ සහල්වල අග්‍ර කොටස බුදු රජාණන්වහන්සේ වෙනුවෙන් පලමුව පූජා කිරීම අද සිදු කෙරුණා.

ඒ කතරගම කිරි වෙහෙර අභියසදියි.

ඊට අමතරව රුවන්වැලි මහා සෑය, මහියංගන විහාරය, තිස්සමහාරාම මහා විහාරයේදී ද ඔබ විසින් පූජා කළ සහල්වල අග්‍ර කොටස බුදු රජාණන්වහන්සේ වෙනුවෙන් පලමුව පුජා කිරීම සිදුවනවා.

සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් කවදත් නවමු අත්දැකීම් ප්‍රේක්ෂකයින්ට තිලිණ කරන හිරු ටී.වී. මෙවරත් නැවුම් සංකල්පයක් සමඟ සුර්ය සිංහලේ හිරුත් එක්ක තුන්හෙළයේ අවුරුද්ද සැමරීමට සූදානම්.

ගෝලීය වෛරස් වසංගතයක් මධ්‍යයේ මෙවර සිංහල දෙමළ අලුත් අවුරුද්ද පිලිගැනීමට සූදානම්ව සිටින මෙරට ජනතාවටල දේව ආශිර්වාදය ලබා දීමටත්, සෙත් ශාන්තිය ප්‍රාර්ථනා කිරීමටත් හිරු ටී.වී. සහ හිරු එෆ්. එම්. එක්ව, සූර්ය සිංහලේ හිරුත් එක්ක තුන්හෙළයේ අවුරුද්දේ, සත් පත්තිනි සෙත් ශාන්තිකර්මය සංවිධානය කෙරුණා.

හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ සංකල්පයක් මතල අප්‍රේල් 14 දා නව වසර උදාවීමට පෙර මධ්‍යම රාත්‍රීයේ එම සත් පත්තිනි සෙත් ශාන්තිය ආරම්භ කෙරෙනවා.

එහිදී පත්තිනි මෑණියන් ප්‍රමුඛ දෙවි දේවතාවුන් උදෙසා දේව දානය පූජා කිරීමද සිදු කෙරෙන අතර, එම වැඩකටයුතු පසුගිය මාර්තු 31 වැනිදා සුභ මොහොතින් ආරම්භ කෙරුණා.

දේව දානය සකස් කිරීමට අවැසි අලුත් සහල්, මුළු රටෙන්ම පූජා කිරීම, දිවයින පුරා  විහිදී යන මාර්ග 3ක් ඔස්සේ දිස්ත්‍රික්ක 20ක විහාරස්ථාන 90කදී පසුගිය දින 10පුරා අති සාර්ථකව සිදුකෙරුණා.

ඒ අනුව ඔබේ ගමටත් නගරයටත් පැමිණි ශාන්තියේ යාත්‍රාවට ඔබ විසින් සැදැහැ සිතින් පූජා කළ සුපිරිසිදුව සකස් කරගත් නොඉඳුල් සහල්වල අග්‍ර කොටසයි හෙළ සිරිතට අනුව මුළින්ම බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් පූජා කෙරුණේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories