කොවිෂීල්ඩ් දෙවන මාත්‍රාව ගැන තීරණය හෙට

Sunday, 11 April 2021 - 7:16

%E0%B6%9A%E0%B7%9C%E0%B7%80%E0%B7%92%E0%B7%82%E0%B7%93%E0%B6%BD%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B6%B1+%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B7%80+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B7%84%E0%B7%99%E0%B6%A7
ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව ලබාදෙන්නේ සති 10 කින්ද, 12 කින්ද යන්න හෙට දිනයේ තීරණය කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන පවසනවා.

එන්නත්කරණය පිළිබඳ විද්වත් කමිටුව හෙට රැස්වී එම තීරණයට එළඹෙන බවයි ඔහු කියා සිටියේ.  

මේ අතර, ඊයේ දිනයේදී කොරෝනා ආසාදිතයින් 284 දෙනෙකු මෙරටින් හඳුනා ගත්තා. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 94,848. ක්.

මේ වනවිට සුවය ලැබූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 91,456 ක් වන අතර, තවදුරටත් ආසාදිතයින් 2,796 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා.

කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ලැබූ උඩහේන්තැන්න ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබූ අතර, ඒ සමඟ මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 596 ක්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories