ජල දූෂණ අවදානම වැඩි වෙයි පරීක්ෂණයකින් තොරව පොහොර ලබාදීම අත්හිටුවීමේ තීරණයක්

Sunday, 11 April 2021 - 7:21

%E0%B6%A2%E0%B6%BD+%E0%B6%AF%E0%B7%96%E0%B7%82%E0%B6%AB+%E0%B6%85%E0%B7%80%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%9C%E0%B6%BB%E0%B7%80+%E0%B6%B4%E0%B7%9C%E0%B7%84%E0%B7%9C%E0%B6%BB+%E0%B6%BD%E0%B6%B6%E0%B7%8F%E0%B6%AF%E0%B7%93%E0%B6%B8+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
වගාවන් සඳහා භාවිත කරන නයිටේ්‍රට් අඩංගු රසායනික පොහොර, ජල මූලාශ්‍ර වලට එක්වීම හේතුවෙන් පානීය ජලයේ පිළිකාකරක පැවතිය හැකි බවට අනාවරණය වන බව සමස්ත ලංකා ගොවි ජන සම්මේලනය පවසනවා.

එහි සභාපති නාමල් කරුණාරත්න හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කලේ කෘෂිකාර්මික කටයුතු බහුලව සිදු කෙරෙන වයඹ සහ උතුරුමැද පළාත්වල පානීය ජලය පරීක්ෂාවට ලක් කළයුතු බවයි.

මේ අතර, මහනුවර ප්‍රදේශයේදී ඊයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ කියා සිටියේ පරීක්ෂණයකින් තොරව පොහොර ලබා දීම අත්හිටුවීමට ඉදිරියේදී කටයුතු කරන බවයි.

ජලයට නයිටේ්‍රට් එක්වීමත් සමග පිළිකාකාරක නිර්මාණය වීමේ විද්‍යාත්මක තත්වය සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ගාමිණි රාජපක්ෂගෙන් විමසීමක් කළා.

එහිදී මහාචාර්යවරයා පෙන්වා දුන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශයන්ට අනුව ජල අංශු මිලියනයක පවතින නයිටේ්‍රට් අංශු ප්‍රමාණය 10 ඉක්මවා යෑමෙන් එම ජලය, පිළිකාකාරක බවට පත්වීමේ හැකියාවක් පවතින බවයි.                                             

පානීය ජලය තුල පමණ ඉක්මවා නයිටේ්‍රට් අන්තර්ගතවීමෙන් ඇතිවිය හැකි තත්වයන් සම්බන්ධයෙන් මහාචාර්ය ගාමිණි රාජපක්ෂ වැඩිදුරටත් කරුණු පැහැදිලි කළා.