වසරේ ගතවූ කාලසීමාව තුල රිය අනතුරුවලින් පුද්ගලයන් 580ක් ජීවිතක්ෂයට

Sunday, 11 April 2021 - 7:25

%E0%B7%80%E0%B7%83%E0%B6%BB%E0%B7%9A+%E0%B6%9C%E0%B6%AD%E0%B7%80%E0%B7%96+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B7%83%E0%B7%93%E0%B6%B8%E0%B7%8F%E0%B7%80+%E0%B6%AD%E0%B7%94%E0%B6%BD+%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+580%E0%B6%9A%E0%B7%8A+%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%A7
මෙම වසරේ ගතවූ කාලසීමාව තුල රිය අනතුරුවලින් පුද්ගලයන් 580කට ආසන්න සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය පවසනවා.

ඊයේ දිනය තුල පමණක් මාරක රිය අනතුරු 5ක් සිදුවී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියාසිටියේ.

ශ්‍රී ලංකාවේ වැඩි වශයෙන් රිය අනතුරු සිදුවන මාසය අප්‍රේල් වන අතර අප්‍රේල් 10 වනදා සිට 20 වනදා දක්වා කාලය රිය අනතුරු බහුලම කාලයක් ලෙසටයි සැලකෙන්නේ.

මේ හේතුවෙන් රිය අනතුරු අවම කර ගැනීමේ අරමුණින් ඊයේ (10) දිනයේ සිට විශේෂ මෙහෙයුමක් පොලිසිය විසින් ආරම්භ කර තිබෙනවා.

විශේෂයෙන් පෞද්ගලික බස් රථ ආශ්‍රිතව සිවිල් ඇඳුමින් සැරසුනු පොලිස් නිලධාරීන් ද යෙදවීමට පියවර ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

විශේෂයෙන් අවුරුදු සමයේදී බීමත්ව රිය පැදවීම සිදු නොකළ යුතු අතර ප්‍රමාණය ඉක්මවා මගීන් රැගෙන යාම ද අනතුරුවලට හේතුවක් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පෙන්වා දුන්නේ.

ඊයේ සවස ද රාගල ප්‍රදේශයේදී ත්‍රී රෝද රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් කාන්තාවක් මියගොස් තවත් 5 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

රියදුරාට ත්‍රී රෝද රථය පාලනය කර ගැනීමට නොහැකිවීමෙන් එය මාර්ගයෙන් ඉවතට පැන මීටර් 150ක පමණ ප්‍රපාතයට පෙරළී ඇති බවයි පොලිසිය කියාසිටියේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories