රාජකීය අවමංගල්‍යය 17 වනදා, බ්‍රිතාන්‍යයේ දින 8ක ශෝක කාලයක්, මේගන් ඇමරිකාවේ තබා හැරී කුමරුත් එයි

Sunday, 11 April 2021 - 7:44

%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%9A%E0%B7%93%E0%B6%BA+%E0%B6%85%E0%B7%80%E0%B6%B8%E0%B6%82%E0%B6%9C%E0%B6%BD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA+17+%E0%B7%80%E0%B6%B1%E0%B6%AF%E0%B7%8F%2C+%E0%B6%B6%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+8%E0%B6%9A+%E0%B7%81%E0%B7%9D%E0%B6%9A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A%2C+%E0%B6%B8%E0%B7%9A%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A+%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%AD%E0%B6%B6%E0%B7%8F+%E0%B7%84%E0%B7%90%E0%B6%BB%E0%B7%93+%E0%B6%9A%E0%B7%94%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B6%91%E0%B6%BA%E0%B7%92
අභාවප්‍රාප්ත බ්‍රිතාන්‍යයේ එඩින්බරෝ ආදිපාදවරයා හෙවත් පිලිප් කුමරුගේ අවමංගල්‍ය උත්සවය ලබන 17 වන සෙනසුරාදා සිදුකරන බව බකිංහැම් මාළිගය ඊයේ නිවේදනය කළා.

වයස අවුරුදු 99 ක්ව සිටියදී පසුගිය සිකුරාදා අභාවප්‍රාප්ත වූ පිලිප් කුමරු වෙනුවෙන් දින අටක ශෝක කාලයක්ද ප්‍රකාශයට පත් කර තිබෙනවා.

රාජකීය අවමංගල්‍ය උත්සවය ලබන සෙනසුරාදා බ්‍රිතාන්‍ය වේලාවෙන් පස්වරු තුනට වින්ඩ්සර් හි ශාන්ත ජෝර්ජ් චැපල් පරිශ්‍රයේදී පැවැත්වෙනු ඇති.

කෙසේ නමුත් කොරෝනා වෛරස් ගෝලීය වසංගතය හේතුවෙන් එය පෞද්ගලික අවමංගල්‍යයක් ලෙස පැවැත්වීමටයි කටයුතු යොදා ඇත්තේ.

ඒ අනුව රාජකීය පවුලේ සාමාජිකයන් ඇතුලු 30 දෙනෙකු පමණක් ඒ සඳහා සහභාගිවීමට නියමිතයි.

පිලිප් කුමරුගේ දේහය මේ වනවිට වින්ඩ්සර් මැදුරේ තබා ඇති අතර, රජ පවුලේ සාමාජිකයන් සති දෙකක ශෝක කාලයක්  පිළිපදිනු ඇති.

එමෙන්ම දැනට ඇමරිකාවේ සිටින හැරී කුමරුද පිලිප් කුමරුගේ අවමංගල්‍ය උත්සවය සඳහා පැමිණෙන බව ඊයේ නිවේදනය කළා.

කෙසේ නමුත් දෙවන වරට ගැබ්ගෙන සිටින ඇමරිකානු ජාතික මේගන් මාකල් ඒ සඳහා නොපැමිණෙනු ඇති.

පිලිප් කුමරුගේ දේහය මහජන ගෞරවය සඳහා ප්‍රදර්ශනය නොකෙරෙන අතර, සෞඛ්‍ය උපදෙස් මත අවමංගල්‍ය උත්සවයට සහභාගි නොවන ලෙස රජ මැදුර මහජනතාවගෙන් ඉල්ලීමක් කළා.

අවමංගල්‍ය උත්සවය පැවැත්වෙන දිනය බි්‍රතාන්‍යයේ සියලුම රජයේ ගොඩනැගිලිවල ජාතික ධජ අඩකුඹු කෙරෙනු ඇති.