මියන්මාර මිලිටරි ජුන්ටාවට සමූල ඝාතන චෝදනා

Sunday, 11 April 2021 - 8:06

%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%A7%E0%B6%BB%E0%B7%92+%E0%B6%A2%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B7%83%E0%B6%B8%E0%B7%96%E0%B6%BD+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F
මියන්මාර හමුදාව විසින් බැගෝ නුවර විරෝධතාකරුවන් සමූල ඝාතනය කිරීමේ සිද්ධියක් පිළිබඳව දැන් තොරතුරු අනාවරණ වනවා.

යැන්ගුන් නුවරට තදාසන්නව පිහිටි බැගෝ නුවර සිකුරාදා එල්ලවූ එම මර්දනකාරී ප්‍රහාරයේදී අවම වශයෙන් පුද්ගලයන් 80 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තාවුණා.

සිද්ධිය පිළිබඳ තොරතුරු හෙළිදරව්වීම පමාවී ඇත්තේ බැගෝ නුවරවාසීන් ආසන්නයේ පිහිටි ගම්මානවලට පලායාම නිසයි.

හමුදාව විසින් විරෝධතාකරුවන් පමණක් නොව සෙළවෙන සෑම ඉලක්කයකටම ඉවක් බවක් නොමැතිව වෙඩි තබා ඇති අතර, මියගිය පුද්ගලයන්ගේ සිරුරුද රැගෙන යාම නිසා මරණ සංඛ්‍යාව තවත් ඉහළ අගයක් ගත හැකි බව සඳහන්.

පසුගිය පෙබරවාරි 1 වනදා මිලිටරි ජුන්ටාව විසින් මියන්මාරයේ ප්‍රජාතන්ත්‍රවාදී ලෙස පත්වූ රජය පෙරළා දමා බලය පැහැරගත් පසු එල්ල කළ මර්දනකාරී ප්‍රහාරවලින් පුද්ගලයන් 600 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.