ගුවන් හමුදාවේ රොෂාන් අබේසුන්දර පෝක් සමුද්‍ර සන්ධිය තරණය කර නව වාර්තාවක් පිහිටුවයි (වීඩියෝ)

Sunday, 11 April 2021 - 9:04

%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%BB%E0%B7%9C%E0%B7%82%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%B6%E0%B7%9A%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%BB+%E0%B6%B4%E0%B7%9D%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB+%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B7%92%E0%B6%BA+%E0%B6%AD%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BB+%E0%B6%B1%E0%B7%80+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%BA%E0%B7%92+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නායක ගුවන් භට රොෂාන් අබේසුන්දර පෝක් සමුද්‍ර සන්ධිය තරණය කර දෙවරක් පිහිනා නව වාර්තාවක් පිහිටුවීමට අද සමත්වුණා.

තලෙයිමන්නාරමේ සිට ඉන්දියාවේ ධනුෂ්කොඩි වෙරළ බලා පිහිනා යළි පැමිණීමට ඔහු ගත කළේ පැය විසි අටයි විනාඩි 19යි තත්පර 44 ක වාර්තාගත කාලයක්. එය නව ආසියානු වාර්තාවක් බවද ශ්‍රී ලංකා ගුවන් හමුදාව සඳහන් කළා.

කිලෝමීටර 60 ක් වූ මුහුදු පිහිණීම දැඩි අභියෝගයක් ලෙසයි සැළකෙන්නේ. මීට පෙර එම දස්කම දක්වා ඇත්තේ එකම ශ්‍රී ලාංකික පිහිනුම්කරුවෙකු විසින්. ඒ, කුමාර් ආනන්දන් 1971 වසරේදී පැය 51 කින් පෝක් සමුද්‍ර සන්ධිය හරහා ඉන්දියාවට පිහිනා ගොස් යළි පැමිණ පිහිටවූ වාර්තාවයි.

මාතර මධ්‍ය මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන 32 හැවිරිදි රොෂාන් අබේසුන්දර ගුවන් හමුදාවට එක්වූයේ 2008 වසරේදියි. ඔහු පසුගිය මාර්තු 21 වනදා කිලෝමීටර 49 ක මුහුදු පිහිනුම පැය 23 කින් අවසන් කරමින් ජාතික වාර්තාවක්ද පිහිටුවා තිබෙනවා.

පෝක් සමුද්‍ර සන්ධිය තරණය කිරීමේදී නායක ගුවන් භට රොෂාන් අබේසුන්දරට උපදේශක සේවා සපයනු ලැබුවේ ජ්‍යෙෂ්ඨ ජීවිතාරක්ෂක උපදේශක ජනක හේවාපතිරණ ප්‍රමුඛ කණ්ඩායමක් විසින්.