ඉන්දියාවේ දෛනික කොරෝනා ආසාදිතයන් එක්ලක්ෂ 50,000 ඉක්මවයි

Sunday, 11 April 2021 - 10:59

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%AF%E0%B7%9B%E0%B6%B1%E0%B7%92%E0%B6%9A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+50%2C000+%E0%B6%89%E0%B6%9A%E0%B7%8A%E0%B6%B8%E0%B7%80%E0%B6%BA%E0%B7%92
අද උදෑසනින් අවසන් වූ පැය විසි හතර තුළ ඉන්දියාවෙන් නව කොරෝනා ආසාදිතයන් එක්ලක්ෂ 52,879 ක් වාර්තාවී තිබෙනවා.

ගෝලීය වසංගතය ආරම්භයේ සිට මේ දක්වා ඉන්දියාවෙන් වාර්තාවූ වැඩිම දෛනික ආසාදිත සංඛ්‍යාව මෙයයි.

ඒ අනුව එරට සමස්ත ආසාදිත සංඛ්‍යාව එක් කෝටි 33 ලක්ෂය ඉක්මවනවා.

එමෙන්ම ඊයේ දිනය තුළ වාර්තාවූ කොරෝනා මරණ 839 ක් සමඟින් ඉන්දියාවේ කොරෝනා මරණ සංඛ්‍යාවද එක්ලක්ෂ 69,000 අභිබවා ගියා.

මහාරාෂ්ට්‍ර, චටිස්කාර්, කර්ණාටක, උත්තර් ප්‍රදේශ් සහ කේරළ ප්‍රාන්තවලින් ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන්ගේ හතරෙන් තුනක් වාර්තාවන අතර, ඉන් අඩක්ම වාර්තාවන්නේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයෙන්.

මේ අතර ඉන්දියාවේ කොරෝනා එන්නත්කරණයද නව කඩඉමක් පසුකළා. ඒ, එන්නත් මාත්‍රා මිලියන 100 කට වැඩි සංඛ්‍යාවක් එරට ජනතාවට ලබාදෙමින්.