තමිල්නාඩුවේ ඡන්ද අපේක්ෂකයෙක් කොරෝනාවෙන් මියයයි

Sunday, 11 April 2021 - 13:35

%E0%B6%AD%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%85%E0%B6%B4%E0%B7%9A%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත සභාවේ මැතිවරණයට ඉදිරිපත්ව සිටි කොංග්‍රස් පක්ෂ අපේක්ෂකයෙකු කොරෝනා ආසාදනය වීම හේතුවෙන් මියගොස් තිබෙනවා.

තමිල්නාඩුවේ ශ්‍රී විල්ලිපුතූර් අසුනට තරග වැදි 63 හැවිරිදි  මාධව රාඕ නැමැත්තෙක් මෙලෙස මියගොස් ඇති බවයි ඉන්දීය මාධ්‍ය සඳහන් කළේ.

තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණය පසුගිය හයවනදා පැවති අතර, එහි ප්‍රතිඵල මැයි දෙවනදා ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

ඒ අනුව මැතිවරණයෙන් ඔහු ජයග්‍රහණය කළහොත් එම අසුන සඳහා අතුරු මැතිවරණයක් පැවැත්වෙනු ඇති.

මේ අතර ඉන්දියාවේ සුප්‍රකට මහා භාරත් ටෙලි වෘතාන්ත මාලාවේ ඉන්ද්‍ර දෙවියන් ලෙස රඟපෑ සතිෂ් කවුල් කොරෝනා ආසාදනයෙන් මියගොස් තිබෙනවා.

74 හැවිරිදි ඔහු කොරෝනා වසංගතය නිසා ආදායම් අහිමිවූ බොලිවුඩ් පුරයේ කලාකරුවන් වෙනුවෙන් කටයුතු කළ රංගන ශිල්පියෙක්.