චීනය, කොරෝනා එන්නත් මිශ්‍ර කිරීමට සැරසේ

Sunday, 11 April 2021 - 14:21

%E0%B6%A0%E0%B7%93%E0%B6%B1%E0%B6%BA%2C+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%91%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B7%83%E0%B7%90%E0%B6%BB%E0%B7%83%E0%B7%9A
චීනය තම රටේ නිෂ්පාදිත කොරෝනා එන්නත් මිශ්‍ර කොට ඒවායේ ශක්‍යතාව ඉහළ නැංවීම පිළිබඳව අවධානය යොමුකර තිබෙනවා.

චීන රෝග නිවාරණ සහ පාලන මධ්‍යස්ථානයේ ප්‍රධානී ගාඕ - ෆු ප්‍රකාශ කළේ දැනට යොදාගනු ලබන එන්නත්වල ශක්‍යතාව ඉහළ මට්ටමක නොපැවතීම ඊට හේතුව බවයි. චීනය විසින් මේ වනවිට සිය රට තුළ කොරෝනා එන්නත් මාත්‍රා මිලියන 161 ක් ලබාදී තිබෙනවා.

කෝටි 140 ක් වූ චීන ජනගහණයෙන් සියයට 40 කට මේ වසරේ ජූනි වනවිට කොරෝනා එන්නත් ලබාදීම චීන රජයේ අපේක්ෂාවයි. වසර අවසානය වනවිට ජනගහණයෙන් සියයට 70 ත් 80 ත් අතර ප්‍රමාණයකට කොරෝනා එන්නත් ලබාදිය හැකි බවට චීනය විශ්වාසය පළ කරනවා.
 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories