ඕස්ට්‍රේලියාවට සුළි කුණාටුවක්

Sunday, 11 April 2021 - 15:04

%E0%B6%95%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B7%83%E0%B7%94%E0%B7%85%E0%B7%92+%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%8F%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
‘සෙරෝජා’ සුළි කුණාටුව ආසන්න වීමත් සමඟ බටහිර ඕස්ට්‍රේලියාවේ ආපදා කළමනාකරණ අංශ සීරුවෙන් තබා තිබෙනවා.

විශේෂයෙන් පර්ත් නුවරට උතුරෙන් වූ වෙරළාසන්න ප්‍රදේශවල ජනතාවට ආරක්ෂිත ස්ථාන කරා ඉවත් වන ලෙස දැනුම් දී ඇති බව සඳහන්.

පැයට කිලෝමීටර් 150කට වැඩි වේගයකින් හමන සුළි සුළඟ අද රාත්‍රියේ ගොඩබිම වෙත ළඟා වනු ඇතැයි අපේක්ෂිතයි.

සුළි සුළඟත් සමඟ වෙරළාසන්න ප්‍රදේශවල ජල ගැලීම් තත්ත්වයක් ද ඇති විය හැකියි.

ඕස්ට්‍රේලියානු  හදිසි සේවා අංශ ප්‍රකාශ කළේ ‘සෙරෝජා’ සුළි සුළඟින් ජීවිත හා දේපළ හානි ඇතිවීමේ අවදානමක් පවතින බවයි.