නඩු කටයුතු පමාවීමෙන් රේගුවට, බිලියන 60ක් අහිමි වේ

Sunday, 11 April 2021 - 19:16

%E0%B6%B1%E0%B6%A9%E0%B7%94+%E0%B6%9A%E0%B6%A7%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94+%E0%B6%B4%E0%B6%B8%E0%B7%8F%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B7%9A%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7%2C+%E0%B6%B6%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%B1+60%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92+%E0%B7%80%E0%B7%9A
රාජසන්තක කරනු ලබන භාණ්ඩ සඳහා පනවනු ලබන දඩ මුදල්වලින් රුපියල් බිලියන 60ක් පමණ අධිකරණයේ නඩු කටයුතු පමාවීම හේතුවෙන් රජයට අහිමි වී ඇති බව රේගු දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ වසර 10කට ආසන්න කාලයක් මෙලෙස නඩු කටයුතු ප්‍රමාද වී ඇති බවයි.

රාජසන්තක කරනු ලබන භාණ්ඩවලට අදාළව පනවන දඩ මුදල් සම්බන්ධයෙන් විගණන වාර්තා රේගු දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර විගණන අංශය සතුව පවතින බැවින් නඩු කටයුතු කඩිනම් කිරීමට අදාළ ක්‍රියාමාර්ග ගත යුතු බවයි එම නිලධාරියා පෙන්වා දුන්නේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories