5000 බෙදන්න, ග්‍රාම නිලධාරීන්, සමෘද්ධි හා සංවර්ධන නිලධාරීන්, බෑ කියයි (වීඩියෝ)

Sunday, 11 April 2021 - 19:39

5000+%E0%B6%B6%E0%B7%99%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%2C+%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B8+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%2C+%E0%B7%83%E0%B6%B8%E0%B7%98%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92+%E0%B7%84%E0%B7%8F+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%2C+%E0%B6%B6%E0%B7%91+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
සමෘද්ධිලාභීන් සහ අඩු ආදායම්ලාභීින් ඇතුළු තෝරාගත් පාර්ශව කිහිපයකට ලබා දීමට නියමිත රුපියල් 5000 සේ දීමනාව ගෙවීමේ කටයුතු සඳහා සහය දැක්වීමෙන් වැළකී සිටීමට ග්‍රාම නිලධාරීවරුන්, සංවර්ධන නිලධාරීන් සහ සමෘද්ධි බැංකු නිලධාරීන් තීරණය කර තිබෙනවා.

සිංහල හා දෙමළ අලුත් අවුරුද්දට දිනක් තිබියදී රජය මෙලෙස හදිසි තීරණ ගැනීම හේතුවෙන් නිලධාරීන් ලෙස තමන් දැඩි අපහසුතාවන්ට මුහුණ දී ඇති බවයි එම වෘත්තීය සංගම් පෙන්වා දෙන්නේ.

කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් බලපෑමට ලක්වූ සමෘද්ධිලාභීන්, අඩු ආදායම්ලාභීන් ඇතුළු පාර්ශව 7කට සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් රුපියල් 5000සේ දීමනාවක් ගෙවන ලෙසට සියළුම දිස්ත්‍රික් ලේකම්වරුන්ට සහ ප්‍රාදේශීය ලේකම්වරුන්ට චක්‍රලේඛයක් නිකුත් කර තිබුණේ ඊයේ දිනයේයි.

කෙසේ වෙතත්, මෙම තීරණය සම්බන්ධයෙන් මහනුවර අද පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ ග්‍රාම නිලධාරී සංගමයේ සභාපති සුමිත් කොඩිකාර කියා සිටියේ තමන් 5000සේ දීමනාව ලබාදීමේ කටයුතුවලින් ඉවත් වන බවයි.

සමස්ත ලංකා සමෘද්ධි බැංකු මහා සංගම් සහ කාර්යාල නිලධාරීන්ගේ සංගමයේ සභාපති එන්.ඒ.අයි.බී.එම්. අබේසිංහ මහනුවර දී තවත් මාධ්‍ය හමුවක් කැදවමින් රජයේ මෙම තීරණය සම්බන්ධයෙන් අදහස් පළ කළා.  

ඔහු සදහන් කළේ හෙට දිනයේ මෙම දීමනාව ලබාදීම ප්‍රායෝගික නොවන බැවින් එය අලුත් අවුරුද්දෙන් පසුව ලබාදීමට තීරණය කළ යුතුව තිබූ බවයි.

සමස්ත ලංකා රජයේ සංවර්ධන නිලධාරීන්ගේ ඒකාබද්ධ වෘත්තීය සංගමයේ ප්‍රධාන ලේකම් අශෝක රාජපක්ෂ ද කෑගල්ලේ දී මාධ්‍ය හමුවක් කැදවමින් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියේ ග්‍රාම නිලධාරීන්ගේ සහ සමෘද්ධි නිලධාරීන්ගේ සහය නොමැතිව සංවර්ධන නිලධාරීන්ට පමණක් මෙම කටයුත්ත සිදුකළ නොහැකි බවයි. එමෙන්ම නිවාඩු දිනයක් ලෙස කලින් ප්‍රකාශ කර තිබියදී මෙලෙස බලහත්කාරයෙන් රාජකාරියේ යෙදවීම හෙළා දකින බව ද ඔහු ප්‍රකාශ කළා.

කෙසේ වෙතත්, රුපියල් 5000සේ දීමනාව ලබාදීමේ කටයුතුවලින් ග්‍රාම නිලධාරීවරුන්, සමෘද්ධි නිලධාරීන් සහ සංවර්ධන නිලධාරීන් ඉවත්වීමට ගෙන ඇති තීරණය පිළිබදව හිරු ප්‍රවෘත්ති අංශය සමෘද්ධි රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහගෙන් විමසීමක් කළා.

ඔහු කියා සිටියේ රජය තීරණය කළ පරිදි හෙට සිට මෙම කටයුත්ත සිදුකරන බවයි.

මේ අතර, විලච්චිය ප්‍රදේශයේ අද පැවති මාධ්‍ය හමුවකදී රාජ්‍ය අමාත්‍යවරයා රුපියල් 5000සේ දීමනාව සමෘද්ධි බැංකු හරහා අලුත් අවුරුද්දට පෙර ලබාදීමට හැකි උපරිමයෙන් කටයුතු කරන බවයි. මේ වන විට ප්‍රතිලාභීන් ලක්ෂ 30ක පමණ පිරිසක් හදුනාගෙන ඇති බව ද ඔහු එහිදී සදහන් කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories