මුදල් දෙගුණ කරන්න බහිරව තටුවක තැබූ ව්‍යාපාරිකයෙකුගේ ලක්ෂ 8 ක් අතුරුදන්

Thursday, 15 April 2021 - 19:19

%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B6%BD%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%9C%E0%B7%94%E0%B6%AB+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%B6%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%80+%E0%B6%AD%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%9A+%E0%B6%AD%E0%B7%90%E0%B6%B6%E0%B7%96+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%9C%E0%B7%9A+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+8+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A
බහිරව පූජාවක් සිදුකර මුදල් දෙගුණ කර ගැනීමට ගිය ව්‍යාපාරිකයෙකුට රුපියල් ලක්ෂ 8 ක මුදලක් අහිමිවූ පුවතක් හලාවත ප්‍රදේශයෙන් වාර්තා වනවා.

කෙසේ වෙතත්,බහිරව පූජාව මුවාවෙන්  මුදල් වංචාව කිරීමේ චෝදනාවට එම ව්‍යාපාරිකයාගේ සේවකයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 21 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ව්‍යාපාරිකයා හලාවත - ඉලුප්පන්දෙණියේ පදිංචිකරුවෙකු වන අතර, සැකකාර සේවකයා උස්වැටකෙයියාවේ පදිංචිකරුවෙක්.

පොලීසිය ප්‍රකාශ කළේ අදාල ව්‍යාපාරිකයා විසින් ණය මුලදලක් ලෙස ලබාගත් රුපියල් ලක්ෂ 8ක මුදලක් බහිරව පූජාවක් පවත්වා දෙගුණ කර දෙන බව පවසමින් සැකකරු මෙම මුදල් වංචාව සිදුකර ඇති බවයි.

සේවකයාගේ ප්‍රකාශය අනුව, කටාන ප්‍රදේශයේ පාලු නිවසක බහිරව පූජාව ආරම්භ කර ඇති අතර, රුපියල් ලක්ෂ 8 ක මුදල බහිරව තටුව මත තබා පූජාවේ වැඩ කටයුතු කරගෙන ගොස් තිබෙනවා.

එහිදී සේවකයා ආරූඪ වෙසක් ගෙන ප්‍රකාශ කර ඇත්තේ ව්‍යාපාරිකයා මස් මාංශ අනුභව කර පැමිණ ඇති බැවින් වහාම ස්නානය කර යළි පිරිසිදුව පැමිණෙන ලෙසයි.

ඒ අනුව, පූජාව පැවති ස්ථානයෙන් පිටතට ගිය ව්‍යාපාරිකයා ස්නානය කර යළි පැමිණ පරීක්ෂා කරන විට බහිරව තටුවේ මුදල් වෙනුවට තිබී ඇත්තේ වැලි පිරවූ කවර කිහිපයක්.

සේවකයාගෙන් කරුණු විමසීමේදී මුදල් වැලි වීම සම්බන්ධයෙන් තමන් කිසිවක් නොදන්නා බව ඔහු ප්‍රකාශ කර තිබුණා.

පසුව, ව්‍යාපාරිකයා සිද්ධිය සම්බන්ධයෙන් කටාන පොලීසියට පැමිණිලි කිරීමෙන් පසුවයි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ.