වරාය නගර පනත් කෙටුම්පතට පාර්ශව රැසක විරෝධය - පෙත්සම් විභාගයට පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් (වීඩියෝ)

Thursday, 15 April 2021 - 20:06

%E0%B7%80%E0%B6%BB%E0%B7%8F%E0%B6%BA+%E0%B6%B1%E0%B6%9C%E0%B6%BB+%E0%B6%B4%E0%B6%B1%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%99%E0%B6%A7%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B6%A7+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B7%81%E0%B7%80+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B6%9A+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%BA+-+%E0%B6%B4%E0%B7%99%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B6%B8%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%B7%E0%B7%8F%E0%B6%9C%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B6%82%E0%B6%A0+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD+%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%B8%E0%B6%A9%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
කොළඹ වරාය නගරය - ආර්ථික කොමිෂන් සභාව පිහිටුවීමට අදාළ පනත් කෙටුම්පතට එරෙහිව ඉදිරිපත් කර ඇති පෙත්සම් කැඳවීම සඳහා අගවිනිසුරුවරයා ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් පත්කර තිබෙනවා.

අදාළ පනත් කෙටුම්පතට එරෙහිව මේ වන විට පෙත්සම් 15 ක් පමණ ඉදිරිපත්ව ඇති බවයි වාර්තා වන්නේ.

කොළඹ වරාය නගරය - ආර්ථික කොමිෂන් සභාව පිහිටුවීමට අදාළ පනත් කෙටුම්පතට අනුව එම කොමිෂන් සභාව ජනාධිපතිවරයා විසින් පත් කරනු ලබන අතර එය සාමාජිකයන් 5 දෙනෙකුට නොඅඩු සහ සාමාජිකයන් 7 දෙනෙකුට නොවැඩි සංඛ්‍යාවකින් සමන්විත විය යුතුයි.

එම කොමිෂන් සභාව පිහිටුවනු ලබන්නේ කොළඹ වරාය නගර බල ප්‍රදේශය තුළ සහ එහි සිට සිදුකරන ව්‍යාපාර සහ වෙනත් මෙහෙයුම් හා සම්බන්ධ සියලු‍ කාරණා පරිපාලනය කිරීම, නියාමනය කිරීම හා පාලනය කිරීම වෙනුවෙන්.

කොළඹ වරාය නගරය විශේෂ ආර්ථික කලාපයක් සහ ආකර්ෂණීය ආයෝජනයක් බවට පත් කිරීම, රට තුළට සෘජු විදේශ ආයෝජන වැඩි වශයෙන් ආකර්ෂණය කර ගැනීම මෙම කොමිෂන් සභාව පිහිටුවීමේ අරමුණ වනවා.

කෙසේ වෙතත්, මේ වනවිට එම පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් පාර්ශ්ව කිහිපයක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් කිහිපයක් ගොනු කර තිබෙනවා.

ඒ, එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන, එහි මහලේකම් පාලිත රංගේ බණ්ඩාර, ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය ඇතුළු පාර්ශ්ව කිහිපයක් විසින්.

ඒ අනුව පනත් කෙටුම්පතට එරෙහිව මේ වන විට පෙත්සම් 15 ක පමණ සංඛ්‍යාවක් ඉදිරිපත්ව ඇති බවයි වාර්තා වන්නේ.

පෙත්සම්කරුවන් පෙන්වා දී ඇත්තේ අදාළ පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන බවයි.

මේ හේතුවෙන් එම වගන්ති සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයෙන් සහ ජනමත විචාරණයකින් සම්මත කළ යුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙස පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටිනවා.

මෙම පෙත්සම් ලබන 19 වැනිදා අගවිනිසුරු ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවීමට නියමිතයි.

මේ අතර, අදාළ පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට යාමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය ද නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.